Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 නොවැම්බර්

2021 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක තවදුරටත්   ඉහළ යන ලදී.

රටේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථාවත් වීම හේතුකොටගෙන නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය තවදුරටත් ඉහළ යමින් 2021 නොවැම්බර් මාසයේදී 61.9ක අගයක් වාර්තා කරන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින්, 62.1ක දර්ශක අගයක් වාර්තා කළේය. 

ණය තොරතුරු කාර්යාංශය විසින් “කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල“ වෙත රුපියල් මිලියන 50ක මුදලක් පිරිනමනු ලබයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකාවෙහි කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සහ ආශ්‍රිත සුබසාධන වැඩසටහන අරමුණු කරගත් “කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල“ වෙත දේශීයව පුළුල් වගකීම් සමූහයක් පැවරී තිබේ. දේශීය මෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන්ට ද “කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල“ වෙත තම මූල්‍ය දායකත්වයන් සිදු කළ හැකිය.

“කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලෙහි“ සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනී මහතා විසින් “කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල“ වෙත පිරිනමන ලද රුපියල් මිලියන 50 ක පරිත්‍යාගය පිළිගන්නා ලදී.

විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව නියාමන ක්‍රියාමාර්ග ගනු ලබයි

2017 අංක 12 දරන විදේශ විනිමය පනත (පනත) යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම් වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට ලද පැමිණිලි කිහිපයකට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ ව්‍යාපාර ස්ථාන සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ මාලාවක් පවත්වමින් සිටින අතර එමගින් බලයලත් මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.

2021 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී පවත්වන ලද ස්ථානීය පරීක්ෂණ අතරතුරදී, පහත දක්වා ඇති බලයලත් මුදල් හුවමාරු කරන්නන්, පනත යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත වී නොමැති බව අනාවරණය වී ඇත. ඒ අනුව, මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව නියමිත කාලසීමාවක් තුළ අදාල විධානයන්ට අනුගත වෙමින් කටයුතු කරන ලෙස දන්වා ඔවුන්ට නිවේදන නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව "විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය” පිළිබඳව මෙහෙයුම් උපදෙස් නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් “විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනටමත් ලබා දෙන එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ ප්‍රේෂණය කර, 2021.12.01 සිට 2021.12.31 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා එ.ජ. ඩොලරයකට රුපියල් 8.00ක අමතර දිරි දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව, 2021 දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා ලැබෙන මුළු දිරි දීමනාව එ.ජ. ඩොලරයකට රු. 10.00කි.

Request for Proposals for Securitised Financing Arrangement for the Government of Sri Lanka

The Central Bank of Sri Lanka (CBSL), on behalf of the Government of Sri Lanka (GOSL) requested proposals from international investor community on 12 November 2021 for the arrangement of a medium-term foreign currency financing facility by securitising the foreign currency receipts of the Central Bank of Sri Lanka under the mandatory sale of ten (10) per cent of workers’ remittances converted into Sri Lankan Rupees by licensed banks. The deadline for submitting responses was 15.00 hrs on 30 November 2021.

Accordingly, there were seven (7) responses, among which there were five (5) leading international banks and two (2) established investment arrangers.

These responses are being reviewed to determine the most suited modality to initiate the securitised financing arrangement.

2021 නොවැම්බර් මාසයේ දී කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය සියයට 9.9 දක්වා ද වාර්ෂික සාමාන්‍ය උද්ධමනය සියයට 5.3 දක්වා ද ඉහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.6හි සිට 2021 නොවැම්බර්  මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගියේය.  වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.8හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 5.3 දක්වා ඉහළ ගියේය.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මෙහිදී, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 12.8හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 17.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.4හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේය.

Pages