Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මහ බැංකුව, විදේශ විනිමයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ගෙන් ගෙවීම් භාර ගැනීම හෝටල් සේවා සැපයුම්කරුවන් වෙත අනිවාර්ය කරයි

ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදු කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කරන ලදී.

මෙම රීති 2022 ජනවාරි 21 දිනැති අංක 2263/41 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

මෙම රීති නිකුත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත්‍රලාභී හෝටල් සේවා සැපයුම්කරුවන් විසින්;

2021 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 7.0 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 14.0 දක්වා ඉහළ ගියේය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 11.1හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 14.0 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.0 දක්වා ඉහළ ගියේය.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 16.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 21.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේය.

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 01-2022 ජනවාරි

පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, සාර්ව ආර්ථික ස්ථායීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ජනවාරි මස 19 වැනි දින පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය. ඒ අනුව, මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී:

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 දෙසැම්බර්

නිෂ්පාදන අංශයෙහි ක්‍රියාකාරකම්හි වර්ධනය තව දුරටත් පවත්ව‍ා ගැනීම පිළිබිඹු කරමින් නිෂ්පාදන අංශයෙහි ගැණුම් කළමණාකරුවන්ගේ දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂව 2021 දෙසැම්බර් මාසයේ දී 58.1ක අගයක් වාර්තා කරමින් ඉහළ යන ලදී. මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වූ අතර සේවා නියුක්තිය උප දර්ශකය හැර අනෙක් සියලුම උප දර්ශකයන්ගේද වර්ධනයන් වාර්තා විය.

නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන් හි වර්ධනය කෙරෙහි උත්සව සමය හේතුවෙන් ආහාර හා පාන අංශයේ ඇති වූ ඉල්ලුම හේතු විය. රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයෙහි ද නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන් සුළු වර්ධනයක් පෙන්නුම් කරන ලදී. කෙසේ වුව ද, සේවා නියුක්තිය උප දර්ශකය නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021 දෙසැම්බර් මාසයේ දී පහත වැටුණි. නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක වලට සාපේක්ෂව තොග මිලදී ගැණුම්  උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය. ‍‍බොහෝ ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කළ පරිදි එළඹෙන චීන අලුත් අවුරුදු නිවාඩුවට පෙර තොග සැලකිය යුතු ලෙස එක් රැස් කිරීමට අවශ්‍යතාවයක් පැවතිය ද ආනයන ආශ්‍රිත ගැටලු‍ හේතුවෙන් එය සිදු කළ හැකි වූයේ යම් ප්‍රමාණයකට පමණි.

සේවක අර්ථසාධක අරමුදල විසින් ආයෝජනය කර ඇති ලැයිස්තුගත සමාගම්හි වෙළෙඳපොල වටිනාකම 2021 වර්ෂය අවසානයේදී, පිරිවැය වූ රු‍පියල් බිලියන 84ට සාපේක්ෂව රුපියල් බිලියන 112ක් ලෙස වාර්තා විය‍: රුපියල් බිලියන 28 ක ඉහළයාමක්

මුදල් මණ්ඩලය විසින් කළමනාකරණය වන සේවක අර්ථසාධක අරමුදල (සේ.‍අ.අ), ශ්‍රී ලංකාවෙහි දැනට පවතින විශාලතම විශ්‍රාම අරමුදල වේ. අරමුදලෙහි වටිනාකම ආරක්ෂාකර ගනිමින් සාමාජිකයින්ට උපරිම ප්‍රතිලාභ ලබාදීමේ දිගුකාලීන අරමුණ ඇතිව එහි ආයෝජන කළඹ පවත්වාගෙන යනු ලැබේ. නිශ්චිත අවදානම් පරාමිතීන් යටතේ පාලනය වන මෙම අරමුදලෙන් සියයට අනූ හතරක් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති අතර, ඉතිරිය ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් කොටස්, සාංගමික ණයකර, භාරකාර සහතික හා වෙනත් මුදල් වෙළෙඳපොල උපකරණවල ආයෝජනය කර ඇත. මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද උපාය මාර්ගික වත්කම් වෙන් කිරීමේ නියමිත සීමාවන්ට යටත්ව, අනුමත කරන ලද වත්කම් පංතිවල ආයෝජනය කිරීම මඟින් විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක් සේ.අ.අ. පවත්වාගෙන යනු ලැබේ. 2020 දෙසැම්බර් 31 වෙනි දිනට සේ.අ.අ. ආයෝජන කළඹෙහි වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 3,243 ක් විය.

2022 වසරේ ජනවාරි මාසයේ දී කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් රජයට ඇති විදේශීය ණය වගකීම පියවීම සඳහා පියවර ගෙන තිබිය දී එස් ඇන්ඩ් පී ආයතනය විසින් අසාධාරණ ලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම

ශ්‍රී ලංකා රජය විසින් සිය කල්පිරෙන විදේශ ණය වගකීම් ආපසු ගෙවීමට ප්‍රමාණවත් අරමුදල් නිසි පරිදි සම්පාදනය කර ඇති අවස්ථාවක, සහ 2022 වසරේ ජනවාරි 18 දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළු ණය සේවාකරණ ගෙවීම් පියවීමට ඇති දැඩි කැපවීම පිළිබඳව නැවත නැවතත් සහතික කර ඇති පසුබිමක, එස් ඇන්ඩ් පී ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් අද දින සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීමට අදාළ නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කණස්සල්ලට පත් වී ඇත.

Pages