Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 පෙබරවාරි

2022 පෙබ‍රව‍ාරි මාසයේදී ද නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක තවදුරටත් ඉහළ මට්ටමක පැවතුණි.

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 පෙබරවාරි මාසයේ දී 52.5ක අගයක් වාර්තා කරමින් තවදුරටත් ඉහළ මට්ටමක පැවතුණි.

සේවා අංශයේ සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 පෙබරවාරි මාසයේ දී 51.8ක දර්ශක අගයක් වාර්තා කළේය.

සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් : විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම

බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්  2022 මාර්තු 04වන දින පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කරන ලදි. එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන බවට නිවේදනය කරන ලද අතර, උද්ධමනය, විදේශීය අංශය  සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ළඟා කර ගැනීමේ අරමුණින් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද දැනුම් දෙන ලදි.

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කරයි

බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථික කටයුතු සඳහා අඛණ්ඩව බාධා ඇතිවීම් සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රතිපත්ති මාලාවක් සහ සමස්ත ආර්ථිකයට බලපානු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.  

ඒ අනුව, ගෝලීය මෙන්ම දේශීය වශයෙන් පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මනාව සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේදී 2022 ජනවාරි මාසයේදී ගන්නා ලද ස්ථාවරය තවදුරටත් අවධාරණය කොට පවත්වාගෙන යෑමට තීරණය කළ අතර පහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා ලදී:

මහ බැංකුව අනවසර විදේශ මුදල් හුවමාරු සිදුකරන මධ්‍යස්ථාන සහ පුද්ගලයින් පිළිබද තොරතුරු මහජනතාවගෙන් ඉල්ලා සිටී

ශ්‍රී ලංකාව තුළ විදේශ මුදල් මිලදීගැනීම, අලෙවිකිරීම හා හුවමාරුව සඳහා අවසරය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත බලපත්‍රලාභී බැංකු හා බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණි.

ඒ අනුව, විදේශ මුදල් මිලදීගැනීම, විකීණීම හෝ හුවමාරු කිරීම අවසරලත් බැංකුවක් හෝ අවසරලත් මුදල් හුවමාරු කිරීමේ ආයතනයක් හරහා පමණක් කළ යුතුවේ.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 ජනවාරි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 ජනවාරි මාසයේ දී 58.7ක අගයක් වාර්තා කරමින් 2021 දෙසැම්බර් මාස‍ය‍ට සාපේක්ෂ ව දර්ශකාංක 0.6කින් ඉහළ ගියේ ය. මේ සඳහා ප්‍රධාන වශයෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමත් සේවා නියුක්තිය යථා තත්ත්වයට පත් වීමත් හේතු විය. තව ද, තොග මිල දී ගැනුම් ඉහළ ගිය අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ද පෙර මාසයට සාපේක්ෂ ව වැඩි විය.

විශේෂයෙන් රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ සහ ආහාර හා පාන නිෂ්පාදන අංශයේ නව ඇණවුම්, නිෂ්පාදන සහ තොග මිල දී ගැනුම්වල දක්නට ලැබුණු ඉහළ යෑම නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය. සේවා නියුක්ති උප දර්ශකය 2022 ජනවාරි මාසයේ දී යහපත් වර්ධනයක් පෙන්නුම් කළ ද රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශය වෙත සේවකයින් ආකර්ෂණය කර ගැනීමේ අපහසුව පිළිබිඹු කරමින් එම අංශයේ සේවා නියුක්ති උප දර්ශකය තවදුරටත් පහළ අගයක පැවතුණි. මේ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට සමගාමී ව තොග මිල දී ගැනුම් වර්ධනය විය.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සෘජු නිකුතුව ඔස්සේ රැස් කළ අරමුදල්

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජන දිරිමත් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. එම ක්‍රියාවන්හි සාර්ථකත්වය පෙන්නුම් කරමින් 2022 ජනවාරි මස 01 වනදා සිට පෙබරවාරි මස 15 වනදා වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 111.5ක අරමුදලක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සෘජු නිකුතුව ඔස්සේ රැස් කර ගැනීමට හැකි විය.

ඉහත සඳහන් කළ කාලය තුළ සිදු කළ ආයෝජනයන්හි පරිණත කාලයන් මාස 3 සිට වසර 5 දක්වා කාල පරාසයක විහිදුණු අතර, කුඩා පරිමාණ මෙන්ම මහා පරිමාණ සුදුසුකම් ලත් ආයෝජකයන් ආයෝජනය කිරීමට පෙළඹුණි. විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජනය කිරීමට, ඒ් සඳහා සුදුසුකම් ලත් ආයෝජකයින් දිරි ගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටියි.

Pages