Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විදේශ විනිමය අලෙවි කිරීම සම්බන්ධව පැහැදිලි කිරීම

2022.03.21 දින සිට බලපැවැත්වෙන පරිදි, මෑතකදී 25% සිට 50% දක්වා වැඩි කරන ලද විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාවය බැංකුවලට පමණක් අදාළ වන අතර, විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය ඉපැයීම් සහ අපනයනකරුවන්ගේ අපනයන ආදායම් සඳහා පවතින අවශ්‍යතා කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙයින් දන්වා සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මින් තහවුරු කරනු ලැබේ.

කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය පීඨය ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය විසින් ලබා දුන් ජාතික දායකත්වය අගයමින් එහි 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරන ලදී. මෙම කාසිය නිකුත් කිරීම කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ඉල්ලීම පරිදි සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කිරීම

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකත්වය සැපයීමේ අතිශය වැදගත් අවස්ථාවක් වන ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.20 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරන ලදී. මෙම කාසිය නිකුත් කිරීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 දී පවත්වන ලද අතර 2021 වර්ෂය එහි 150 වන සංවත්සරය සනිටුහන් කරයි. 15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ එහි සංවත්සරයට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබුණි. එසේ වුවද, කෝවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් ජන හා නිවාස සංගණනය 2022 - 2023 දක්වා කල් දමන ලදී.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීභාවයට ඉඩ හැරීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට විනිමය අනුපාතිකය, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම්  දිරි ගැන්වීම සඳහා ලබාදුන්  දිරි දීමනා මට්ටම ඉක්මවා ගොස් ඇති බව පෙනේ.   

Condominium Market Survey - Fourth Quarter 2021

The Condominium Property Volume Index has increased significantly during Q4, 2021 with a notable increase of 49.0 per cent compared to Q4, 2020 and with a growth of 48.4 per cent compared to Q3, 2021. In the backdrop of inflationary pressures and the relatively low levels of return earned on traditional investment avenues, investors are moving toward non-traditional investment avenues, among which investment on apartments is becoming increasingly popular. Further, an observable shift is seen in the price categories of transactions. While 77 per cent of transactions were priced below Rs.25 million a year ago, it has reduced to 49 per cent in Q4, 2021. Moreover, the Single Condominium projects in the Colombo district remain to be the most preferred category in Q4, 2021.

Pages