Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා උපදේශන කමිටුවක් පිහිටුවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අසාර්ථක මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප පිළිබඳ සොයා බැලීම පිණිස උපදේශන කමිටුවක් පිහිටුවා ඇත. 

ව්‍යාපාරික අංශයේ ප්‍රවීණයන් හතර දෙනෙකුගෙන් කමිටුව සමන්විත අතර සීමාසහිත සී බී සී ෆිනෑන්ස් ලිමිටඩ්හි සභාපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති ධර්ම ධීරසිංහ මහතා විසින් එහි සභාපතිත්වය දරනු ලබයි. ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්හි කළමනාකාර හවුල්කරු සුජීව මුදලිගේ මහතා; මුවර් ස්ටීවන්ස් කන්සල්ටින් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටිෂාන් සුබසිංහ මහතා සහ වරලත් ගණකාධිකාරීවරුන් වන අමරසේකර සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ හවුල්කරු (විගණනය සහ සහතික කිරීම්) ත්‍යාගරාජා ධර්මරාජා මහතා කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකා මහ බැංකුව බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය සඳහා සංකල්ප සාධනය නිර්මාණය කිරීම සහ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිමා කරයි

බ්ලොක්චේන් තාක්‍ෂණය (Blockchain Technology) පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය (Shared Know-Your-Customer- (KYC)) සඳහා සංකල්ප සාධනය (Proof of Concept (POC))  පිළිබඳ  වාර්තාව 2021 ඔක්තෝබර් මස 25 වන දින ජාතික ගෙවීම් කවුන්සිලයේ සභාපතිනිය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඉවෙට් ප්‍රනාන්දු මහත්මිය විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පිළිගන්වන ලදී. මෙම අවස්ථාව සඳහා මහ බැංකු කළමනාකාරිත්වය ඇතුළු නිලධාරීන් සහභාගී වූ අතර,  සංකල්ප සාධන පරීක්ෂණ සඳහා දායක වූ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු අනිකුත් නිලධාරීන් මෙන් ම සංකල්ප සාධනය සංවර්ධනය සඳහා දායක වූ කණ්ඩායම් ද අන්තර්ජාලය හරහා සහභාගී විය. 

මූඩීස් ආයතනයේ කාලානුරූපී නො වන සහ පිළිගත නො හැකි ශ්‍රේණිගත කිරීම පක්ෂග්‍රාහීභාවය පි‍ළිබඳ ගැටලු නැවත ඉස්මතු කරයි

මූඩීස් ආයෝජන සේවාව විසින් මෑතක දී සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීමේ ඇගයීම සහ එය පාදක කොට ගෙන සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ ව ශ්‍රී ලංකා රජය දැඩි අප්‍රසාදය පළ කරයි. මෙම ක්‍රියාවලිය, මෙයට මාස තුනකට පෙර මේ ආකාරයට ම ණය ශ්‍රේණිගත කිරීම පහත හෙලීම සඳහා සමාලෝචනයකට යටත් j පවත්වා ගැනීමෙන් අනතුරු ව සිදු කර ඇත. නැවත වතාවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූඩීස් ආයතනයේ අතාර්කික ශ්‍රේණිගත කිරීම වැදගත් සිදු වීමකට දින කිහිපයකට පෙර, එනම් 2022 වසර සඳහා වන රජයේ අයවැය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිදු වීම තුළින් ඔවුනට ඇති අනවශ්‍ය ඉක්මන්භාවය පෙන්නුම් කරන අතර ම, රජයේ මූල්‍යන සැලසුම්වලට අයවැයේ ස්වභාවය අදාළ නො වන බවට මූඩීස් විශ්ලේෂකයින් සමඟ සිදු කරන ලද සාකච්ඡාවල දී ඔවුන්ගෙන් ප්‍රකාශ වූ මතය පැහැදිලි ව ම එවැනි විශ්ලේෂකයින්ගේ පවත්නා අනවබෝධය විදහා දක්වයි. මෙමගින් මෙවැනි ආයතනවල පාලනයේ ඇති දුර්වලතා පිළිබිඹු කෙරෙන අතර, මෙම ආයතන නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්හි ධනාත්මක වර්ධනයන් සහ අපේක්ෂාවන් ක්‍රමානුකූල ව නො සලකා හැර සෘණාත්මක අවදානම් සඳහා වැඩි බරක් යොදවන බව පෙන්නුම් කරයි.

මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න

විවිධ සංවිධානාත්මක පාර්ශ්ව විසින් ඔවුන්ගේ ගිණුම්වලට, විශාල පරිමාණයෙන් විදේශ විනිමය සහ/හෝ දේශීය මුදල් බැර කර ඇති බවත් එම ගිණුම් තාවකාලික ව අත්හිටුවා ඇති බවත්  දක්වමින් සහ එම මුදල් නිදහස් කර ගැනීම සඳහා සහය දෙන්නන් හට ප්‍රමාණාත්මක ගෙවීමක්  සිදු කරන බවට දැනුම් දෙමින් සිදු කරන මුල්‍ය වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබෙමින් පවතී. ඇතැම් අවස්ථාවල දී  එම වංචාකරුවන්  විශාල මුදල් ප්‍රමාණයක් විවිධ ගිණුම් වෙත බැර වී  ඇති බව දැක්වෙන  ව්‍යාජ ලේඛන පෙන්වා සිටින අතර  ඔවුන්ට එම මුදල් ආපසු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ලබා ගැනීම පමණක් අවශ්‍ය වන බව පවසනු ලබයි.

LANKAQR ක්‍රමවේදය ජනගතකරණ වැඩසටහන

මෙරට පිළිගත් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙන්ඳන් සහ පාරිභොගිකයන් අතර LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීමේ අරමුණින් LANKAQR ජනගතකරණ වැඩසටහනක් 2021 ඔක්තෝම්බර් මස 25 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලදී. 

සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි ප්‍රකාශයට පත් කර ඇති පරිදි විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කිරීමේ ප්‍රගතිය

සාර්ව ආර්ථික  සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර  දැක්මෙහි  ප්‍රකාශයට පත් කළ පරිදි, විදේශ  විනිමය ලැබීම්  සුරක්ෂිත  කිරීම සම්බන්ධයෙන්  මහ බැංකුව  සහ රජය ලබා  ඇති ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා  මහ බැංකුව  පහත සඳහන් තොරතුරු  ආයෝජකයින්  සහ සාමාන්‍ය  ජනතාව වෙත  ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව  සහ රජය, වෙනත් රජයන්, මහ බැංකු, මූල්‍ය ආයතන සහ ආයෝජකයින් සමඟ සෘජු නියැලීම් මාලාවක් ආරම්භ කර ඇත.

Pages