Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2022 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දැමීම

2022 අප්‍රේල් මස 05 වන දින පෙ. ව. 07.30ට දැනුම් දීමට නියමිතව තිබූ 2022 අංක 03 දරන   මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දමන ලදී. ඒ අනුව 2022 අප්‍රේල් 05 වන දින පැවැත්වීමට සැලසුම්කොට තිබූ මාධ්‍ය සාකච්ඡාව ද කල් දමන ලදී. මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරන දිනය සහ මාධ්‍ය සාකච්ඡාව පැවත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව අඛණ්ඩව නියාමන ක්‍රියාමාර්ග ගනු ලබයි

ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු ව්‍යාපාර ස්ථානයන්හි  අඛණ්ඩව ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර එහිදී පහත සඳහන් මුදල් හුවමාරු කරන්නන් බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබා දී ඇති  විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බවත්, එමගින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ඔවුන්ට නිකුත් කර ඇති විධානයන් උල්ලංඝණය කර ඇති බවත් අනාවරණය කර ගන්නා ලදී. 

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ජනවාරි

අඛණ්ඩව අටවැනි මාසයටත් එ.ජ ඩොලර් බිලියනය ඉක්ම වූ ඉහළ අපනයන ඉපැයීම් මධ්‍යයේ වුව ද, ආනයන වියදම අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙන් 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පුළුල් විය. සංචාරක පැමිණීම් පෙර වසරේ එම මාසයට වඩා, 2022 වසරේ  ජනවාරි මාසයේ දී කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත් වීමක් පෙන්නුම් කළ අතර, 2022 වසරේ ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මන්දගාමී බවක් නිරීක්ෂණය විය. මේ අතර, ශ්‍රී ලංකාව 2022 ජනවාරි මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සාර්ථකව පියවන ලදී. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මුල්‍ය සංවිධානය යටතේ ඉන්දියානු සංචිත බැංකුවෙන් එ.ජ. ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම ලැබීමත් සමඟ, මාසය තුළ ගෙවුම් ශේෂයේ මූල්‍ය ගිණුම ශක්තිමත් විය. ජනවාරි මාසයේ එ.ජ ඩොලරයට රුපියල් 200-203 පරාසයේ පැවති අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය, 2022 වසරේ  මාර්තු මස 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයට වැඩි නම්‍යශීලී බවක් ලබා දීමත් සමඟ ඉහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම වෙත නිකුත් කළ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය අත්හිටුවයි

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි  විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් 2022.03.30 දින ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන ලදී. එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී විදේශ මුදල් මිලදී ගන්නා බවත්, එමගින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් වෙත නිකුත් කරන ලද විධානයන් කඩ කරන බවත් නිරීක්ෂණය විය.

මුදල් හුවමාරු කරන්නන් පිළිබඳව මහජනතාව වෙත කෙරෙන නිවේදනයයි

මුදල් හුවමාරු කරන්නන් විසින් සිය ගනුදෙනුකරුවන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව තහනම් කර ඇති බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

මුදල් හුවමාරු කරන්නන්, බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ අනුපාතයන්ට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට/ අවලංගු කිරීමට සිදුවන බව ඔවුන් වෙත දන්වා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවන වගන්තියට (Article IV) අදාල වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් දැක්වීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ හතරවන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. එම හතරවන වගන්තියේ ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි සිදුවිය.

Pages