සමස්ත ලෝකයම කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තීන් කිහිපයක් සමඟ සටන් වදිමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට අසමත් වී ඇති බව පෙන්නුම් කරමින් 2021 වසරේ දෙසැම්බර් 17 වන දින අනවශ්‍ය හදිසි පියවරක් ලෙස ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (ෆිච් රේටින්ස්) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළුවේය. මෙම ක්‍රියාව, මෑතක දී, එනම් 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර, මූඩීස් ආයෝජන සේවාව විසින් සිදු කරන ලද සාධාරණ නොවන ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හා සමාන වේ. විශේෂයෙන් ම ආර්ථිකයේ සියලු අංශවල නව ප්‍රවණතා සහ නුදුරේ දී ලැබීමට නියමිත විදේශ විනිමය ප්‍රවාහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ෆිච් ආයතනය වෙත නිරන්තරයෙන් සිදු කළ යාවත්කාලීන කිරීම පිළිබඳ සැලකිල්ලට ගත් කල, ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සඳහා ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයකට මතු වූ හදිසි අවශ්‍යතාව තේරුම්ගත නොහැකිය.