ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වසරේ දෙසැම්බර් මස 22වන දින ප්‍රකාශයට පත් කළ පරිදි අපේක්ෂිත විදේශ මුදල් ගලා ඒම සිදුවෙමින් පවතින අතර, මෑත කලීනව සිදු වූ ලැබීම් සමඟ නිල විදේශ සංචිත තත්ත්වය මේ වන විට එ.ජ. ඩොලර් බිලියන 3.1ක් පමණ දක්වා ළඟා වී ඇති බව සහ 2021 වසර අවසන් වන විට ද එම මට්ටමේම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි. මීට අමතරව, සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි දක්වා ඇති පරිදි, දැනට සාකච්ඡා කෙරෙමින් පවතින අනෙකුත් පහසුකම් කිහිපයක් සම්බන්ධයෙන් වන විදේශ මුදල් ලැබීම්, 2022 වසරේ ජනවාරි මස ආරම්භයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.