Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

Request for Proposals for Securitised Financing Arrangement for the Government of Sri Lanka

The Central Bank of Sri Lanka (CBSL), on behalf of the Government of Sri Lanka (GOSL) requested proposals from international investor community on 12 November 2021 for the arrangement of a medium-term foreign currency financing facility by securitising the foreign currency receipts of the Central Bank of Sri Lanka under the mandatory sale of ten (10) per cent of workers’ remittances converted into Sri Lankan Rupees by licensed banks. The deadline for submitting responses was 15.00 hrs on 30 November 2021.

Accordingly, there were seven (7) responses, among which there were five (5) leading international banks and two (2) established investment arrangers.

These responses are being reviewed to determine the most suited modality to initiate the securitised financing arrangement.

2021 නොවැම්බර් මාසයේ දී කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය සියයට 9.9 දක්වා ද වාර්ෂික සාමාන්‍ය උද්ධමනය සියයට 5.3 දක්වා ද ඉහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.6හි සිට 2021 නොවැම්බර්  මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගියේය.  වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.8හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 5.3 දක්වා ඉහළ ගියේය.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මෙහිදී, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 12.8හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 17.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.4හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේය.

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 08 - 2021 නොවැම්බර්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 නොවැම්බර් මස 24 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. ප්‍රධාන වශයෙන් සැපයුම් අවහිරතා සහ ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ඉහළ යෑම හේතුවෙන් මෑතකාලීනව උද්ධමනය ඉහළ යෑම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර, ඉදිරි කාලය තුළදී ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟාවීම සඳහා සහාය වන අතරම, සුදුසු ක්‍රියාමාර්ග මගින් මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වන සිය කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කරන ලදී.

ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ දී ඉහළ ගියේය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 දක්වා ඉහළ ගියේය. මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 10.0හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 11.7 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 3.0හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.4 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.5හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ ගියේය.

මුදල් මණ්ඩලය නව සහකාර අධිපතිවරු සිව්දෙනෙකු පත් කරයි

මුදල් මණ්ඩලය විසින් 2021 නොවැම්බර් 17 වන දින පැවති රැස්වීමේ දී කේ. ජී. පී. සිරිකුමාර මහතා, ඩී. කුමාරතුංග මහතා, යූ. එල්. මුතුගල මහත්මිය සහ සී. පී. එස්. බණ්ඩාර මහතා 2021 නොවැම්බර් 17 වන දින සිට සහකාර අධිපති ධූරයට උසස් කරන ලදී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 ඔක්තෝබර්

2021 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.

රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් යථාවත් වීම පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 7ක් තුළ ලබාගත් ඉහළම අගය 2021 ඔක්තෝබර් මාසයේදී වාර්තා කරන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 ඔක්තෝබර් මාසයේදී 57.9ක දර්ශක අගයක් දක්වා ඉහළ ගිය අතර, ඒ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උප දර්ශකවල ඉහළ යෑම් හේතු විය.

Pages