කොවිඩ්-19 වසංගතයේ දිගු කාලීන බලපෑම, ගෝලීය දේශපාලනික අසමතුලිතතා සහ රටේ සාර්ව ආර්ථික අසමතුලිතතා හේතුවෙන්, මේ වන විට ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික සහ මූල්‍ය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින අතර එමගින් රටේ ජනතාව අසීරු තත්ත්වයකට පත් ව ඇත. මෙරටෙහි ණය වගකීම් සක්‍රීය ව කළමනාකරණය කිරීමට පියවර ගැනීම, අනෙකුත් රටවලින් කඩිනම් මූල්‍ය සහාය සෙවීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ වැඩසටහනක් සඳහා පවතින සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට ලැබීම ඇතුළු ව රටේ පවතින වත්මන් තත්ත්වය සඳහා පිළියම් යෙදීමට බලධාරීන් පියවර ගනිමින් සිටිය ද, ජනතාවට එවැනි ක්‍රියාමාර්ගවලින් වන ධනාත්මක බලපෑම් භුක්ති විඳිය හැකි වනුයේ මැදි කාලීන හා දිගු කාලීනව ය. එබැවින්, ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය ආනයන අවශ්‍යතා සපුරා ගනු පිණිස රටේ විදේශ සංචිත තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතු ය.