Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 සැප්තැම්බර්

2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී අපනයන ආදායම ඉහළ අගයක පැවතුණු අතර, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයනවල කැපී පෙනෙන පහළ යෑම නිරූපණය කරමින්,  ආනයන වියදම් අඛණ්ඩව හත්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සුළු වශයෙන් ඉහළ ගියේය. සංචාරක ඉපැයීම් 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසදීමේ දී 2022 සැප්තැම්බර් මාසයේදී වැඩිවීමක් වාර්තා කර ඇත. 2022 සැප්තැම්බර් මාසයේදී රජයේ සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි කැපී පෙනෙන ශුද්ධ ලැබීමක් වාර්තා විය. ද්‍රවශීලි දළ නිල සංචිත මට්ටම අඩු වුව ද, අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 362ක මට්ටමක පැවතුණි.

2021 ඔක්තෝබර් මාසයේ සිට දක්නට ලැබුණු අඛණ්ඩ ඉහළ යෑමේ ප්‍රවණතාව වෙනස් කරමින් කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0ක් වාර්තා කළේය

2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0ක් දක්වා පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 94.9හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 85.6 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 57.6හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 56.3 දක්වා පහළ ගියේය. 

Release of ‘Financial Literacy Survey Sri Lanka – 2021’ Publication

‘Financial Literacy Survey Sri Lanka - 2021’, a publication of the Central Bank of Sri Lanka, is now available for public access.

The Regional Development Department of the Central Bank of Sri Lanka, with the assistance of the International Finance Corporation (IFC) – under the IFC-DFAT Women in Work program – conducted the first ever countrywide Financial Literacy Survey in Sri Lanka, as part of the implementation of the National Financial Inclusion Strategy of Sri Lanka. The key objective of the survey was to assess the level of financial literacy across the population with a view to formulating appropriate policy measures.

The survey focused on the elements of knowledge, attitudes and behavior within the concept of financial literacy and this publication consists of the key survey findings.

ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 73.7ක් වශයෙන් වාර්තා විය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 70.2හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 73.7ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 84.6හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 85.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 57.1හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 62.8 දක්වා ඉහළ ගියේය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 සැප්තැම්බර්

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වලට අනුව 2022 සැප්තැම්බර් මාසයේ දී, සේවා ක්‍රියාකාරකම්වල සුළු ඉහළ යෑමක් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් දක්නට ලැබුණි.

පෙර මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 සැප්තැම්බර් මාසයේ දී පහළ යන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 සැප්තැම්බර් මාසයේ දී 51.2ක දර්ශක අගයක් වාර්තා කරමින් සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යෑම හේතු විය.

නව නියෝජ්‍ය අධිපතිවරයෙකු පත් කිරීම

මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් ඇමතිතුමාගේ අනුමැතිය සහිතව සහකාර අධිපති සහ මුදල්  මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ කේ .එම්. ඒ. එන්.  දවුලගල මහත්මිය 2022 ඔක්තෝම්බර් මස 07 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කරන ලදී.

කේ .එම්. ඒ. එන්.  දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා නියාමන, සාර්ව විචක්ෂණශීලිතා අධ්‍යයන, මූල්‍ය, ජාත්‍යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණ, ප්‍රාදේශීය සංවර්ධන, මානව සම්පත් කළමනාකරණ සහ පුහුණු හා සංවර්ධන යන ක්ෂේත්‍රයන්හි විවිධ තනතුරුවල වසර 31කට අධික සේවා කාලයක්  සම්පූර්ණ කර ඇත.  ඇය ප්‍රධාන ගණකාධිකාරි සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා මූල්‍ය පද්ධති ස්ථායිතා යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ලෙස සේවය කර ඇති අතර බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ නීතිමය රාමුව සහ පාලනය සවිමත් කිරීම වෙනුවෙන් දායකත්වය සැපයීය.  නියෝජ්‍ය අධිපති ලෙස පත් කිරීමට පෙර දවුලගල මහත්මිය සාර්ව විචක්ෂණතා අධ්‍යයන හා බැංකු අධ්‍යයන කේන්ද්‍රය යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස හා මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස  කටයුතු කළාය. ඇය මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුවේ, මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුවේ සහ ආචාර ධර්ම කමිටුවේ ලේකම් ලෙස ද කටයුතු කළාය.

Pages