Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 මාර්තු

2022 වසරේ මාර්තු මාසයේ දී අපනයන ඉපැයීම්, වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව සුළු අඩු වීමක් වාර්තා කළ ද, අඛණ්ඩව දසවන මාසයටත් එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවා ගියේය. මේ අතර, ආනයන වියදම්, 2021 වසරේ පෙබරවාරි මාසයෙන් පසු පළමු වරට, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙළඳ හිඟය, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව, 2022 වසරේ මාර්තු මාසයේ දී පහළ ගියේය. සංචාරක පැමිණීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, පෙර මාසයට සාපේක්ෂව, 2022 වසරේ මාර්තු මාසයේ දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. 2022 වසරේ මාර්තු මාසය තුළ දී, කොළඹ කොටස් වෙළඳපොළ වෙත ලැබුණු විදේශ ආයෝජනයන්හි ශුද්ධ ලැබීමක් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ අන්තර් දින විනිමය අනුපාතිකයෙහි  යම් ඉහළ විචලනයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13වැනි දින සිට අන්තර් බැංකු බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකයෙහි මධ්‍යය අනුපාතිකයක්  සහ විචලන සීමාව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 පෙබරවාරි

අඛණ්ඩව නවවැනි මාසයටත් එ.ජ. ඩොලර් බිලියන 1.0ක් ඉක්මවූ අපනයන ඉපැයීම් සමඟ 2022 වසරේ පෙබරවාරි මාසයේ දී අපනයන ඉපැයීම්වල වර්ධනය දිගටම පැවතුණි. මේ අතර, 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ආනයන වියදම් පෙර මාසයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වුවද, පසුගිය වසරේ පෙබරවාරි මාසයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් විය. සංචාරක පැමිණීම් පෙර වසරේ අනුරූප  මාසයට සාපේක්ෂව 2022 වසරේ පෙබරවාරි මාසයේ දී කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළේය. 2022 වසරේ පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ තවදුරටත් මන්දගාමී විය. මාසය තුළ දී, කොළඹ කොටස් වෙළඳපොළ වෙත ලැබුණු විදේශ ආයෝජනයන්හි ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. 2022 වසරේ පෙබරවාරි මාසය තුළ අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එ.ජ. ඩොලරයට රුපියල් 202ක් පමණ විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය හඳුන්වා දෙනු ලබයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 මැයි 06 වැනි දින මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය (Sri Lanka Green Finance Taxonomy) හඳුන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය යනු පාරිසරික වශයෙන් තිරසාර ආර්ථික ක්‍රියාකාරකම් නිර්වචනය කර වර්ගීකරණය කරන පද්ධතියක් වන අතර, එය 2019 දී මහ බැංකුව විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාව සඳහා වන තිරසාර මූල්‍ය පෙර දැක්මෙහි (Roadmap for Sustainable Finance in Sri Lanka) දක්වා ඇති ප්‍රධාන අංගයකි. මෙම වර්ගීකරණය ජාත්‍යන්තර මනා පරිචයන්ට මෙන් ම, දේශීය තත්වයන්ට අනුකූලව සකස් කර ඇති බැවින් මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාකාරීන්ට දේශීය මෙන් ම විදේශීය වෙළෙඳපොළ හරහා හරිත කටයුතු සඳහා අඩු පිරිවැය සහිත අරමුදල් රැස් කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ දී සියයට 29.8 දක්වා අඛණ්ඩව ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 18.7හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 29.8ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 30.2හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 46.6 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 13.4හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 22.0 දක්වා ඉහළ ගියේය. 

ශ්‍රී ලංකා මහ බැංකුව 2021 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව නිකුත් කරයි

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 72වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු මුදල් අමාත්‍ය, එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා වෙත අද දින (2022 අප්‍රේල් මස 29) පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 මාර්තු

මාර්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.

සෑම වසරකම මාර්තු මාසයේ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල දක්නට ලැබෙන වර්ධනයට අනුරූපව, එහෙත් සාපේක්ෂව අඩු වේගයකින් 2022 මාර්තු මාසයේ දී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පෙර මාසය‍ට සාපේක්ෂව, දර්ශකාංක 57.8ක් දක්වා ඉහළ යන ලදී.

සේවා අංශයේ වර්ධනයක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 මාර්තු මාසයේ දී 51.3ක දර්ශක අගයක් වාර්තා කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර දර්ශක අගයක් වාර්තා කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ සේවා නියුක්තිය යන උප දර්ශකවල ඉහළ යෑම් හේතු විය.

Pages