Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සිය සංචාරය අවසන් කරයි 2022

පීටර් බෲවර් (Peter Breuer) සහ මසහිරෝ නොසාකි (Masahiro Nizaki) යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ජා.මූ. අරමුදලේ සහාය ලබාදීමට සහ බලධාරීන්ගේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබද සාකච්ඡා කිරීමට 2022 වසරේ ජූනි 20 සිට 30 දක්වා කාලය තුළදී කොළඹට පැමිණියහ. ජා.මූ. අරමුදලහි ආසියා සහ පැසිෆික් කලාපීය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඈන්-මරී ගුල්ඩේ-වුල්ෆ් (Anne-Marie Gulde-Wolf) මහත්මිය ප්‍රතිපත්ති සාකච්ඡාවලට සහභාගී විය.

දුත මණ්ඩලයේ සංචාරය අවසානයේදී බෲවර් සහ නොසාකි මහත්වරුන් විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී:

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් වශයෙන් වාර්තා විය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 39.1හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 57.4හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 80.1 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 30.6හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 42.4 දක්වා ඉහළ ගියේය.

ඉඩම් තක්සේරු දර්ශකය - 2021 වසරේ දෙවන භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2021 වසරේ දෙවන භාගයේ දී සියයට 17.9 ක වාර්ෂික වර්ධනයක් සමග දර්ශකාංක 178.7 දක්වා ඉහළ ගියේය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි මෙම වාර්ෂික වර්ධනය (සියයට 17.9) මෙන්ම අර්ධ වාර්ෂික වර්ධනය (සියයට 11.9) මඟින් 2017 වසරේ සිට මේ දක්වා වාර්තා වූ දර්ශකයේ වැඩිම ඉහළ යාම් පෙන්නුම් කරයි.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි වැඩි වීම සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය.කාර්මික ඉඩම් ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 21.1 අගය වාර්තා වූ අතර, අනුපිළිවෙලින් වාණිජ සහ නේවාසික ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි ද වර්ධනයක් දක්නට ලැබුණි.

සම්පුර්ණ ලිපිය

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 සිව්වන කාර්තුව තුළදී මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම/එකතු කිරීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 ඔක්තෝම්බර් 01 සිට 2021 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 1.5 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා පත් කළ උපදේශන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින් 2021 ඔක්තෝබර් මසදී, එම වකවානුව වන විට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට නිකුත් කර තිබූ බලපත්‍ර අත්හිටුවා හෝ අවලංගු කර තිබුණු ‘සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී’ සහ ‘ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්’ යන අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5), පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි විකල්ප යෝජනා පරික්ෂා කිරීම සඳහා අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවන උපදේශන කමිටුවක් (උපදේශන කමිටුව) පිහිටුවන ලදී. ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් 5 පුනර්ජීවනය කිරීම සඳහා පැවතිය හැකි විකල්ප නිර්දේශ ඉදිරිපත් කිරීමට හෝ එසේ පැවතිය හැකි විකල්ප ශක්‍ය නොවන්නේ නම්, එම අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) ඈවර කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට, මුදල් මණ්ඩලය විසින් මෙම උපදේශන කමිටුව වෙත වගකීම පවරා තිබිණ.

මෙම උපදේශන කමිටුව විසින් ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් අතරින් හතර (4)ක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් යොමු කරන ලද යෝජනා කීපයක් පරික්ෂාකාරීව සලකා බලා සිය කමිටුවේ අවසන් වාර්තාව 2022.05.31 දින, මුදල් මණ්ඩලය වෙත යොමු කරන ලදී.

විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි සංශෝධනය කිරීම

මහජනතාව අත ඇති විදේශ ව්‍යවහාර මුදල් විධිමත් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 8 වන වගන්තිය යටතේ නියමයන් පහත පරිදි නිකුත් කර ඇත. 

  1. ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට තම සන්තකයේ රඳවා තබා ගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් 15,000 සිට ඇ.එ.ජ. ඩොලර් 10,000 හෝ ඊට සමාන වෙනත් විදේශ විනිමය ප්‍රමාණයක් දක්වා අඩු කිරීම.
  2. පහත සඳහන් දෑ සඳහා, ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන් සඳහා, නියමය බලාත්මක වන දිනයේ සිට (2022 ජූනි 16) වැඩ කරන දින 14 ක පොදු සමා කාලයක් ලබා දීම.

i.නියමයේ දක්වා ඇති පරිදි, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ

Pages