2025 ජුනි මාසයේ දී ද අවධමනය අඛණ්ඩව ලිහිල් වුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 0.7ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 ජුනි මාසයේ දී සියයට 0.6ක සුළු ප්‍රමාණයකින් අඩු වූ අවධමනයක් පෙන්නුම් කළේය.