Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2025 දෙසැම්බර්

2025 වසරේ දෙසැම්බර් මාසයේ දී ජංගම ගිණුමේ සුළු අතිරික්තයක් වාර්තා විය. 2025 වසරේ බොහෝ මාසවල දී මාසික ජංගම ගිණුමේ අතිරික්තයන් වාර්තා විය. එහි ප්‍රතිඵලයක් ලෙස, තාවකාලිකව ඇස්තමේන්තු අනුව 2025 වසරේ ජංගම ගිණුමේ සමස්ත අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.7ක් ලෙස වාර්තා වේ. 

2025 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. තවද, 2025 වසර තුළදී මෙතෙක් වාර්ෂිකව වාර්තා වූ ඉහළම අපනයන ආදායම වාර්තා වුවද, 2024 වසරට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය එ.ජ. ඩොලර් බිලියන 7.9ක් දක්වා පුළුල් විය.

2025 දෙසැම්බර් මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක් වාර්තා කළේය

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 67.1ක් දක්වා ඉහළ ගියේය. මෙම මාසය මුල අයහපත් කාලගුණික තත්ත්වයන් ආශ්‍රිත  බාධාවන් පැවතියද, බොහෝ සමාගම් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කළහ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම තක්සේරු කිරීම සඳහා, එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායම මෑතක දී සිදුකළ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ජා.මූ. අරමුදල විසින් 2026 ජනවාරි 28වන දින පහත දැක්වෙන මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගනී

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස දැනට පවතින මට්ටමේ  නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම මෙන්ම ගෝලීය අවිනිශ්චිතතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 දෙසැම්බර්

2025 දෙසැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 60.9ක අගයක් වාර්තා කළේය. මාසය ආරම්භයේ දී අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් බාධා ඇති වුවද, ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම උප දර්ශක මෙම වර්ධනයට ධනාත්මකව දායක විය.  

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම,             2026 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

Pages