2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 73.7හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 70.6ක් දක්වා පහළ ගියේය. එසේම, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 85.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 80.9 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 62.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 61.3 දක්වා පහළ ගියේය.