ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 70.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 65.0 දක්වා පහළ ගියේය. එසේම, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 80.9හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 69.8 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 61.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 60.4 දක්වා පහළ ගියේය.