Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

Release of ‘Financial Literacy Survey Sri Lanka – 2021’ Publication

‘Financial Literacy Survey Sri Lanka - 2021’, a publication of the Central Bank of Sri Lanka, is now available for public access.

The Regional Development Department of the Central Bank of Sri Lanka, with the assistance of the International Finance Corporation (IFC) – under the IFC-DFAT Women in Work program – conducted the first ever countrywide Financial Literacy Survey in Sri Lanka, as part of the implementation of the National Financial Inclusion Strategy of Sri Lanka. The key objective of the survey was to assess the level of financial literacy across the population with a view to formulating appropriate policy measures.

The survey focused on the elements of knowledge, attitudes and behavior within the concept of financial literacy and this publication consists of the key survey findings.

ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 73.7ක් වශයෙන් වාර්තා විය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 70.2හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 73.7ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 84.6හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 85.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 57.1හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 62.8 දක්වා ඉහළ ගියේය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 සැප්තැම්බර්

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වලට අනුව 2022 සැප්තැම්බර් මාසයේ දී, සේවා ක්‍රියාකාරකම්වල සුළු ඉහළ යෑමක් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් දක්නට ලැබුණි.

පෙර මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 සැප්තැම්බර් මාසයේ දී පහළ යන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 සැප්තැම්බර් මාසයේ දී 51.2ක දර්ශක අගයක් වාර්තා කරමින් සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යෑම හේතු විය.

නව නියෝජ්‍ය අධිපතිවරයෙකු පත් කිරීම

මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් ඇමතිතුමාගේ අනුමැතිය සහිතව සහකාර අධිපති සහ මුදල්  මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ කේ .එම්. ඒ. එන්.  දවුලගල මහත්මිය 2022 ඔක්තෝම්බර් මස 07 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කරන ලදී.

කේ .එම්. ඒ. එන්.  දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා නියාමන, සාර්ව විචක්ෂණශීලිතා අධ්‍යයන, මූල්‍ය, ජාත්‍යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණ, ප්‍රාදේශීය සංවර්ධන, මානව සම්පත් කළමනාකරණ සහ පුහුණු හා සංවර්ධන යන ක්ෂේත්‍රයන්හි විවිධ තනතුරුවල වසර 31කට අධික සේවා කාලයක්  සම්පූර්ණ කර ඇත.  ඇය ප්‍රධාන ගණකාධිකාරි සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා මූල්‍ය පද්ධති ස්ථායිතා යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ලෙස සේවය කර ඇති අතර බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ නීතිමය රාමුව සහ පාලනය සවිමත් කිරීම වෙනුවෙන් දායකත්වය සැපයීය.  නියෝජ්‍ය අධිපති ලෙස පත් කිරීමට පෙර දවුලගල මහත්මිය සාර්ව විචක්ෂණතා අධ්‍යයන හා බැංකු අධ්‍යයන කේන්ද්‍රය යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස හා මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස  කටයුතු කළාය. ඇය මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුවේ, මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුවේ සහ ආචාර ධර්ම කමිටුවේ ලේකම් ලෙස ද කටයුතු කළාය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 අගෝස්තු

2022 වසරේ අගෝස්තු මාසයේ දී ආනයන වියදම්, 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා වුවද, අඛණ්ඩව සයවන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය හමුවේ අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ අවශ්‍යතාවය සලකා බලමින්, රජය විසින් 2022 වසරේ අගෝස්තු මාසයේ දී හදිසි නොවන ආනයන සීමා කිරීමේ ක්‍රියාමාර්ග දැඩි කළ ද, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී එම සීමා තරමක් දුරට ලිහිල් කරන ලදී. මේ අතර, 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිරීක්ෂණය කරන ලද වර්ධන ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් අපනයන ඉපැයීම් 2022 වසරේ අගෝස්තු මාසයේ දී ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ අගෝස්තු මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහළ යෑමක් වාර්තා කළේය. 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව, 2022 වසරේ අගෝස්තු මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ ගියේය. සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසදීමේ දී 2022 වසරේ අගෝස්තු මාසයේ දී වැඩිවීමක් වාර්තා කළේය. 2022 වසරේ අගෝස්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ඔක්තෝබර් මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් නවතම සාර්ව ආර්ථික තත්ත්වයන්, අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථන සලකා බලන ලදී. මුදල් මණ්ඩලය විසින් දැනට පවතින දැඩි මුදල් තත්ත්වය, උද්ධමනය ඉහළ යෑමේ වේගය අඩු වීම සහ දේශීය හා ගෝලීය සාධකවල සහාය ලබමින් නුදුරු කාලීනව අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සලකා බලන ලදී. ඉදිරි කාලය තුළ අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් තත්ත්වය ප්‍රමාණවත් තරම් දැඩිව පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය. දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම් සඳහා දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහාය වනු ඇති අතර සමස්ත ඉල්ලුම් පීඩන ගොඩනැගීම අවම කිරීමටත් එමගින් උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට සහ මැදි කාලීනව මතුපිට උද්ධමනය ඉලක්කගත සියයට 4-6 මට්ටම දක්වා පහළ දැමීමට එම ක්‍රියාමාර්ග උපකාරී වනු ඇත.

Pages