Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

Release of “Sri Lanka Socio-Economic Data – 2023” Publication

“Sri Lanka Socio-Economic Data – 2023”, the annually published data folder of the Central Bank of Sri Lanka, is now available for public information. The current data folder is the 46th volume of the series.

This easy-to-carry booklet contains information categorised under 14 topics, namely, Country Profile; Key Economic Indicators; Country Comparisons; Socio Economic Conditions; Human Resources; National Accounts; Agriculture; Industry; Economic and Social Infrastructure; Prices and Wages; External Trade and Tourism; External Finance; Government Finance; and Money, Banking and Finance. As the data folder presents a wide range of socio-economic data of current interest in summary form, it will be a very useful reference material for policy makers, researchers, academics, professionals, students and the general public.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - අගෝස්තු 2023

ඉදිකිරීම් කටයුතුවල පවතින දුර්වල ක්‍රියාකාරිත්වය හමුවේ වුවද, සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 47.0ක අගයක් වාර්තා කරමින් කඩඉම් මට්ටම කරා ආසන්න විය. මෙහිදී, පවතින සීමිත ව්‍යාපෘති සඳහා ඇති අධික තරඟකාරී ටෙන්ඩර් ලංසු තැබීම් හමුවේ, සිය මිල ගණන් පහත දැමීමට සිදුවී ඇති බව සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

නව ව්‍යාපෘති නොමැති වීම ඉදිකිරීම් කර්මාන්ත කටයුතු සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුකර ඇති බව, නව ඇණවුම්හි අඛණ්ඩ පහත වැටීමෙන් පිළිබිඹු වේ. තවද, දේශීය මෙන්ම විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති සීමිත වීම ඉදිකිරීම් කර්මාන්තයේ තවදුරටත් පවතින ප්‍රධාන ගැටලුවක් බව, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. මෙම වාතාවරණය හමුවේ, කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සේවකයින් ඉවත් කිරීමට ව්‍යාපාර නැඹුරු වී ඇති බව සේවා නියුක්තියේ අඛණ්ඩ පහත වැටීමෙන් පිළිබිඹු වේ. තවද, පසුගිය මාසයට සාපේක්ෂව තොග මිලදී ගැනුම් අඩු වේගයකින් පහළ යන ලදී. මේ අතර, සැපයුම්කරුවන්ට ලැබෙන ඇණවුම් සීමිත බැවින්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළදී ද අඩු වී ඇත.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට දී ඇති නොපියවූ ණය නිශ්චිත කල්පිරීමක් සහිත, ගනුදෙනු කළ හැකි සුරැකුම්පත් බවට පරිවර්තනය කිරීම

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අංක 129(2) වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට දුන් නොපියවූ තාවකාලික අත්තිකාරම් සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළඳපොළෙන් මිල දී ගත් කල් නොපිරුණු භාණ්ඩාගාර බිල්පත්, ක්‍රමයෙන් අඩුවෙන ස්ථාවර කූපන් පොළියකින්* යුතු නව භාණ්ඩාගාර බැඳුම්කර දහය (10)ක් සහ දැනටමත් වෙළඳපොළෙහි පවතින භාණ්ඩාගාර බිල්පත් දොළහ (12)ක් බවට 2023 සැප්තැම්බර් මස 21 දින පරිවර්තනය කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය

මෑතක දී නීතිගත කරන ලද 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි විධිවිධාන යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සමාරම්භක රැස්වීම 2023 සැප්තැම්බර් 21 වන දින පවත්වන ලදී.

අලුතින් පිහිටුවන ලද මෙම පාලක මණ්ඩලය මුදල් නීති පනතෙහි විධිවිධාන යටතේ මින් පෙර ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයේ අනුප්‍රාප්තිකයා ලෙස ක්‍රියා කරයි.

නව පාලක මණ්ඩලයේ රැස්වීම පහත සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2023 සැප්තැම්බර් 21 දින පැවැත්විණි.

  • (අ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ (සභාපති)
  • (ආ) ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා (මින් පෙර මුදල් මණ්ඩලයෙහි ද සාමාජික)
  • (ඇ) නිහාල් ෆොන්සේකා මහතා (මින් පෙර මුදල් මණ්ඩලයෙහි ද සාමාජික)
  • (ඈ) ආචාර්ය රවී රත්නායක
  • (ඉ) අනුෂ්ක විජේසිංහ මහතා.

අධිපති ආචාර්ය වීරසිංහ විසින් නව පාලක මණ්ඩලයේ සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, නිහාල් ෆොන්සේකා, ආචාර්ය රවී රත්නායක සහ අනුෂ්ක විජේසිංහ යන මහත්වරුන් පිළිගන්නා ලදී.

මූල්‍ය සාධනීය දර්ශක ප්‍රකාශයට පත් කිරීම - බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්

මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන බැංකු සහ මුදල් සමාගම්වල කාර්ය සාධනය සන්නිවේදනය කිරීමේ ප්‍රධාන මෙවලමක් ලෙස මහ බැංකුව විසින් ‘මූල්‍ය සාධනීය දර්ශක’ නිකුත් කර ඇත. මූල්‍ය පද්ධතියේ ප්‍රවණතා හඳුනා ගැනීම සඳහා ප්‍රතිපත්ති විශ්ලේෂණවලදී භාවිතා කරන ප්‍රධාන අනුපාත සහ මූල්‍ය තොරතුරු මෙම ප්‍රකාශනයට ඇතුළත් වේ.

ප්‍රකාශනය මඟින් ඉහත සඳහන් අංශවලට අදාළ වත්කම්, වගකීම්, ඉපැයීම්, ලාභ සහ ප්‍රාග්ධනය වැනි මූල්‍ය තොරතුරු සහ ඒවායේ ප්‍රධාන අනුපාත ඉදිරිපත් කරයි. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන මූල්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානයෙන් පසුවන පාර්ශ්වයන්ට ප්‍රයෝජනවත් සහ විශ්වසනීය මූලාශ්‍රයක් වනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය https://www.cbsl.gov.lk/si/මූල්‍ය-සාධනීය-දර්ශක හරහා මෙම පත්‍රිකාවේ විද්‍යුත් පිටපතක් ලබා ගත හැකිය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - අගෝස්තු 2023

2023 අගෝස්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සුළු වශයෙන් පහළ යෑමක් ද පෙන්නුම් කරන ලදී.

පසුගිය මාසවලට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි වැඩිදියුණු වීමක්  සළකුණු කරමින්, ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 අගෝස්තු මාසයේදී දර්ශකාංක 49.3ක අගයක් වාර්තා කරමින් කඩඉම් මට්ටම කරා ආසන්න විය. තවද,  උප-දර්ශක සලකන විටදී, නව ඇණවුම් සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසයේදී ඉහළ ගිය අතර නිෂ්පාදන සහ සේවා නියුක්තිය තවදුරටත් කඩඉම් මට්ටමට පහළ අගයක පැවතුණි.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, 2023 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 57.6ක් වාර්තා කළේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, අගෝස්තු මාසය තුළ දී සේවා නියුක්තිය නොවෙනස්ව පැවති අතර, නිමකිරීමට නියමිත කාර්යයන් අඩු අගයක පැවතුනි. 

Pages