2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(5) වගන්තියට අනුව, මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කය, එම ගිවිසුමෙහි දක්වා ඇති නිශ්චිත ආන්තිකයෙන් අනුක්‍රමික කාර්තු දෙකක් තුළදී සපුරා ගැනීමට මහ බැංකුව අපොහොසත් වුවහොත්, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් වාර්තාවක් ගරු මුදල් අමාත්‍යවරයා මගින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු අතර, එම වාර්තාව මහජනතාවටද ලබා ගත හැකි විය යුතුය. 2023 ඔක්තෝබර් මස 03 වැනි දින ගරු මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකුව අතර අත්සන් කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව, උද්ධමන ඉලක්කය සියයට 5ක් වන අතර මහ බැංකු පනතේ 26(5) වගන්තිය සඳහා අදාළවන ආන්තිකය ප්‍රතිශතාංක ±2 ලෙස සඳහන් කරයි.
Published Date:
Thursday, January 23, 2025