මෑතක දී නීතිගත කරන ලද 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි විධිවිධාන යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සමාරම්භක රැස්වීම 2023 සැප්තැම්බර් 21 වන දින පවත්වන ලදී.
අලුතින් පිහිටුවන ලද මෙම පාලක මණ්ඩලය මුදල් නීති පනතෙහි විධිවිධාන යටතේ මින් පෙර ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයේ අනුප්‍රාප්තිකයා ලෙස ක්‍රියා කරයි.
නව පාලක මණ්ඩලයේ රැස්වීම පහත සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2023 සැප්තැම්බර් 21 දින පැවැත්විණි.
- (අ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ (සභාපති)
- (ආ) ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා (මින් පෙර මුදල් මණ්ඩලයෙහි ද සාමාජික)
- (ඇ) නිහාල් ෆොන්සේකා මහතා (මින් පෙර මුදල් මණ්ඩලයෙහි ද සාමාජික)
- (ඈ) ආචාර්ය රවී රත්නායක
- (ඉ) අනුෂ්ක විජේසිංහ මහතා.
අධිපති ආචාර්ය වීරසිංහ විසින් නව පාලක මණ්ඩලයේ සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, නිහාල් ෆොන්සේකා, ආචාර්ය රවී රත්නායක සහ අනුෂ්ක විජේසිංහ යන මහත්වරුන් පිළිගන්නා ලදී.