Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී තියුණු ලෙස පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,  2024 ජූලි මාසයේ පැවති සියයට 2.4හි සිට 2024 අගෝස්තු මාසයේ දී  සියයට 0.5ක් දක්වා තියුණු ලෙස පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

“ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2024” දත්ත නිකුත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන වාර්ෂික ආර්ථික හා සමාජ සංඛ්‍යාන දත්ත නිකුතුව වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2024” මහජනතාවගේ පරිශීලනය සඳහා සිංහල භාෂාවෙන් දැන් නිකුත් කර ඇත.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2024 ජුලි

වෙළඳ හිඟයේ පුළුල් වීමක් පැවතිය ද, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක ඉපැයීම් ඉහළ යෑම සමඟ ජූලි මාසයේ දී විදේශීය අංශයෙහි ශක්තිමත් බව අඛණ්ඩව පැවතුනි.

වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ මේ දක්වා වාර්තා වූ ඉහළම මාසික වෙළෙඳ හිඟය වාර්තා කරමින් 2024 වසරේ ජූලි මාසයේ දී වාර්ෂික ලක්ෂමය පදනම මත පුළුල් විය.

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 ජූලි

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 ජූලි මාසයේදී දර්ශකාංක 62.9 ක අගයක් වාර්තා කරමින් තවදුරටත් ඉහළ ගියේය. ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු සඳහන් කළ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් බහුපාර්ශ්වික ආයතන මගින් අරමුදල් සපයන ව්‍යාපෘති දායක වී ඇත.

ඉඩම් තක්සේරු දර්ශකය - 2024 වසරේ පළමු භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 6.9 ක වැඩි වීමක් වාර්තා කරන ලදී. මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 8.5ක, 8.5ක සහ 3.7ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් දායක වන ලදී. අර්ධ වාර්ෂික පදනමින් ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක 2024 වසරේ පළමු භාගයේ දී, 2023 වසරේ දෙවන භාගයේ දී වාර්තා වූ අගයන්ට සාපේක්ෂව වැඩි වේගයකින් වර්ධනය වී ඇත. තවද, වාණිජ සහ නේවාසික අනු දර්ශක වලට සාපේක්ෂව කාර්මික අනු දර්ශකය අඩු වේගයකින් වැඩි වී ඇති බව නිරීක්ෂණය විය.

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, 2024 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත.

Pages