Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී ද ඍණ අගයක් වාර්තා කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව හයවන මාසයටත් ඍණ අගයක පවතිමින් 2025 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.0ක අවධමනයට සාපේක්ෂව 2025 පෙබරවාරි මාසයේ දී සියයට 4.2ක අවධමනයක් වාර්තා කළේය.

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 ජනවාරි

ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2025 ජනවාරි මාසයේ දී දර්ශකාංක 52.9ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. විශේෂයෙන්ම, ස්ථාවර මිල මට්ටම් සහ හිතකර කාලගුණය වැනි යහපත් ව්‍යාපාරික තත්ත්ව හේතුවෙන්, දැනට පවතින ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් අවසන් වෙමින් පවතින බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ. තවද, මෙම ප්‍රගතිය තවදුරටත් පවත්වා ගැනීම සඳහා නව ව්‍යාපෘතිවල පවතින අවශ්‍යතාවය ද ඔවුහු අවධාරණය කළහ.  

සම්පූර්ණ ලිපිය

ඉඩම් තක්සේරු දර්ශකය - 2024 වසරේ දෙවන භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවන භාගයේ දී 236.8 ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 7.7 ක වැඩි වීමකි. නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 9.9ක, 9.4ක සහ 3.9ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් මෙම වැඩිවීමට දායක විය. අර්ධ වාර්ෂික පදනමින්, එනම්, 2024 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව එම වසරේ දෙවන භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අඩු වේගයකින් වර්ධනය වී ඇත. ඉහළම වර්ධනය නේවාසික අනු දර්ශකය මගින් නිරීක්ෂණය වූ අතර, අනුපිළිවෙළින්, වාණිජ හා කාර්මික අනු දර්ශක ද වර්ධනය වී ඇත. 

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, 'මුදල්', 'මුල්‍යකරණය' හෝ 'මුල්‍ය' යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතුය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 ජනවාරි

2025 ජනවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 ජනවාරි මාසයේදී 59.0ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධනාත්මක ලෙස දායක විය.

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මුදල් ප්‍රතිපත්ති වාර්තා වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරන අතර, මෙවර  නිකුතුවේ අන්තර්ගතය 2025 වසරේ  ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත.

Pages

නිවේදන