2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම් සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2024 ජනවාරි 09 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉදිරියේ දී සුරාබදු කොමසාරිස් ජනරාල් ජේ. එම්. එස්. එන්. ජයසිංහ මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ එවකට අධ්‍යක්ෂ ඊ. එච්. මොහොට්ටි මහත්මිය අදාළ ආයතන වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.