Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු: ශ්‍රී ලංකා මහ බැංකුව නුවරඑළිය දිස්ත්‍රික්කය තුල සංවිධානය කරනු ලබන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන

2025 වසර සඳහා වන සිය මීළඟ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 මාර්තු මස 22 සහ 23 යන දෙදින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් නුවරඑළියේදී පවත්වනු ලැබේ.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 පෙබරවාරි

2025 පෙබරවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන කටයුතුවල  තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 පෙබරවාරි මාසයේදී 56.8ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධනාත්මක ලෙස දායක විය.

මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස භාවිතා කරමින් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය‍ කරන ලද වංචනික වීඩියෝවලින් ප්‍රවේශම් වන්න

මේ දිනවල සමාජ මාධ්‍යවල, විශේෂයෙන් මුහුණුපොතෙහි (Facebook) සංසරණය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ රුව අනිසි ලෙස භාවිතා කරමින් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැඩි ලෙස අනතුරු අඟවයි. මහජනතාව නොමග යවනසුලු මෙම වීඩියෝ මගින් මහ බැංකුවේ අධිපතිවරයා අසාමාන්‍ය මූල්‍ය ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වන ආයෝජන යෝජනා ක්‍රම අනුමත කරන අයෙකු වශයෙන් ව්‍යාජ ලෙස හඳුන්වා දී තිබේ. මාර්ගගත මූල්‍ය වංචා ගැන දැනුමක් නැති පුද්ගලයන් සතු මුදල්, වංචනික ලෙස අත්පත් කර ගැනීමේ අරමුණින් ඔවුන් ව සැක කටයුතු බාහිර පුද්ගලයන් වෙත යොමු කිරීම මෙහි දී සිදු වේ.

ශ්‍රී ලංකා විදේශ විනිමය වෙළඳපොළ තුළ විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාවක් (Matching Platform) එළි දැක්වෙයි

වඩාත් පුළුල් විදේශ විනිමය වෙළඳපොළක් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන මූලිකත්වයට අනුකූල ව, ශ්‍රී ලංකා විදේශ විනිමය වෙළඳපොළ සාර්ථක ලෙස විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාවක් එළිදක්වා ඇත. දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මිල අනාවරණ හැකියාව වැඩි දියුණු කිරීම සහ එහි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුන්වා දෙන ලද මෙම වේදිකාව වෙත ප්‍රවේශ වීමට සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ඇත. ඒ අනුව, මේ සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළ විසින් බ්ලූම්බර්ග් (Bloomberg) ආයතනයේ BMatch විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාව තෝරා ගෙන ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ පවතින විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ පවතින මාස 48ක විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය දැක්වීම සඳහා විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 334ක් පමණ) මූල්‍යන පහසුකමක් වෙත ක්ෂණික ප්‍රවේශය හිමිවිය. මෙය ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන සිව්වන වාරිකය වන අතර, ජා.මූ. අරමුදලෙන් මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍යන සහාය ඒ අනුව, වි.ගැ.හි. බිලියන 1.02ක් (එ.ජ. ඩොලර් බිලියන 1.34ක් පමණ) දක්වා ඉහළ යයි.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2025 ජනවාරි

වෙළඳ හිඟය ඉහළ යෑම මධ්‍යයේ වුව ද, සේවා අපනයන, සංචාරක සේවා සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලට අදාළ ඉහළ ලැබීම් හේතුවෙන්, 2025 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පැවතියේය.

Pages

නිවේදන