Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2017 ජනවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2017 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. ආනයන වියදම ඉහළ යෑම සහ අපනයන ආදායම අඩු වීම හේතුවෙන් ජනවාරි මාසය තුළ දී වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ නමුත්, 2017 ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් තුළින් වූ විදේශ විනිමය ලැබීම් සාපේක්ෂ ව ඉහළ වර්ධනයක් වාර්තා කළ අතර, පෙර වසරේ අනුරූප මාසය සමඟ සැසඳීමේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මධ්‍යස්ථ ප්‍රමාණයකින් වර්ධනය විය. 2017 ජනවාරි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ විදේශ විනිමයේ ගලා යෑමක් දැකිය හැකි විය. 

සම්පූර්ණ ලිපිය

ශ්‍රී ලංකා මහ බැංකුව කඳුරට ජනතාව හමුවෙයි

පාසල් සිසු සිසුවියන් ඇතුළු කඳුරට ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සැපයෙන සේවාවන් පහසුවෙන් ලබා ගැනීම සඳහාත්, එම සේවාවන් පිළිබඳ ව ඔවුන් දැනුම්වත් කිරීම උදෙසාත් පැවැත්වෙන විවෘත දින වැඩසටහන, 'මහ බැංකුව ඔබ හමුවට...' නමින් 2017 මැයි 5 සහ 6 දිනවල දී මාතලේ ත්‍රිකුණාමල පාරේ මන්දණ්ඩාවල පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්වේ. 

පෙරවරු 9.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී මහජනතාවට තම අර්ථසාධක අරමුදල පිළිබඳ ගැටළු නිරාකරණය කර ගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පලුදු වූ සහ අපිරිසිදු මුදල් නෝට්ටු වෙනුවට අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීම, කාසි හා නෝට්ටු හුවමාරුව, මුදල් කෞතුකාගාරය යනාදී සේවාවන් සපයා ඇත. ඊට අමතර ව මහ බැංකු අධිපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය හමු වී සාකච්ඡා කිරීමට ද ඉඩ ප්‍රස්ථා සලසා ඇත. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන සමාලෝචනය පිළිබඳ නිලධාරි මට්ටමේ එකඟතාවකට එළඹෙයි

මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මතය වන අතර එ මඟින් අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නො කෙරෙයි. මේ දක්වා රැස් කර ගෙන ඇති කරුණු පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ කරන අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත් තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි. 

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවදුරටත් වර්ධනය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව 2017.04.26 දින සිට රාජ්‍ය සුරැකුම්පත්වල ප්‍රතිමිල දී ගැනීම් ගනුදෙනු සඳහා බ්ලූම්බර්ග් (Bloomberg) විද්‍යුත් බැඳුම්කර වෙළෙඳ පද්ධතිය භාවිත කරන ලෙස ප්‍රාථමික ගනුදෙනුකරුවන් හා නිල ලත් බැංකුවලට නියම කොට ඇත. ඒ අනුව, ඔවුන් පහත සඳහන් කරුණුවලට අනුගත විය යුතු ය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වසර සඳහා වන වාර්ෂික වාර්තාව

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 67 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත පිළිගන්වන ලදී.

සම්පූර්ණ ලිපිය

 

2017 මාර්තු මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 පෙබරවාරි මාසයේ දී වාර්තා ක‍ළ සියයට 8.2 හි සිට 2017 මාර්තු මාසයේ දී සියයට 8.6 දක්වා ඉහළ ගියේ ය. 2017 මාර්තු මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 2017 මාර්තු මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑමට පසුගිය වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ පැවැති අඩු පදනම් අගය හේතු විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 5.1 හි සිට 2017 මාර්තු මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගියේය.

Pages