Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නියුතු සමාගම් වෙත බලපත්‍ර නිකුත් කිරීම, නියාමනය සහ අධීක්ෂණය

2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනත මඟින් මෙතෙක් කිසියම් හෝ නියාමනයකට භාජනය නො වූ ක්ෂුද්‍රමූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රමවේදයකට යටත් වනු ඇත. අඩු ආදායම්ලාභීන්ට සහ ක්ෂුද්‍ර ව්‍යාපාර කටයුතුවලට මූල්‍ය පහසුකම් සැලසීම වැඩිදියුණු කිරීම, මූල්‍යමය අන්තර්ගතභාවය ඉහළ නැංවීම, ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල ස්ථායීතාව සහ පද්ධතීන් ශක්තිමත් කිරීම, ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අරමුදල් මූලාශ්‍ර පිළිබඳ පුළුල් ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම, පාරිභෝගික රැකවරණය ප්‍රවර්ධනය කිරීම සහ සුරක්ෂිත සහ ස්ථාවර මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණු වේ. 

ක්ෂුද්‍රමූල්‍ය පනත 2016 ජූලි මස 15 වැනි දින සිට බලාත්මක වේ. මෙම පනත මගින් ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන සමාගම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට, එම සමාගම් වෙත නීති සහ විදාන නිකුත් කිරීම හා ක්ෂුද්‍රමූල්‍ය/ක්ෂ්‍රදුණය රාජ්‍ය නො වන සංවිධාන අධීක්ෂණය කිරීම සඳහා ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමට ද මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත බලය පැවරී ඇත. 

2016 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළෙඳ හිඟය පුළුල් වීම හමුවේ වුව ද සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල හිතකර වර්ධනයත් සමඟ 2016 අගෝස්තු මාසයේ දී විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. 2016 අගෝස්තු මාසය තුළ දී අපනයන සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ ද ආනයන වර්ධනය වීමත් සමඟ වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ නමුත්, වෙළෙඳ ගිණුමේ බලපෑම අවම කරමින් සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය විය. මේ අතර, 2016 අගෝස්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන සහ රජය වෙත වූ දිගු කාලීන ණය ලැබීම් මගින් මූල්‍ය ගිණුම ශක්තිමත් විය. 

සම්පූර්ණ ලිපිය

විස්තීර්ණ ණය පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 162.6ක දෙවන වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදා හරියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමේ ප්‍රථම සමාලෝචනය සාර්ථක ව සම්පූර්ණ කරන ලද අතර විශේෂ ගැනුම් හිමිකම් මිලියන 119.894ක (ආසන්න වශයෙන් එකසත් ජනපද ඩොලර් මිලියන 162.6ක) දෙවන වාරිකය 2016 නොවැම්බර් 18 දින මුදා හරින ලදි. 

විස්තීර්ණ ණය පහසුකමේ ප්‍රධාන අරමුණ වනුයේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීම සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා උපකාර කිරීමයි. සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස විශේෂයෙන් ම වෙළෙඳපොළ විශ්වාසය වර්ධනය කිරීමට සහ විදේශීය අංශය මත වූ පීඩනය අඩු කිරීමට දායක වන ලද රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අරමුණු කර ගත් ක්‍රියාමාර්ග සහ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම ඇගැයීමට ලක් කළේ ය. ජූනි මස අග භාගය දක්වා වූ සියලු ම ප්‍රමාණාත්මක කාර්ය සාධන දර්ශක සපුරා ගැනීම සඳහා රජය සහ අනෙකුත් ආයතන විසින් ගනු ලැබූ උත්සාහයන් දූත පිරිසගේ ඇගැයීමට ලක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාමාජිකයන් ද දැනට ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකම යටතේ වූ සපුරා ගැනීම් පිළිබඳ ව ප්‍රසාදය පළ කර ඇත. 

2016 ඔක්තෝබර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.7 සිට 2016 ඹක්තෝබර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේ ය. 2016 ඔක්තෝබර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 සැප්තැම්බර් මස වාර්තා වූ සියයට 3.8 සිට 2016 ඔක්තෝබර් මස දී සියයට 4.0 දක්වා ඉහළ ගියේ ය. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2016 ඔක්තෝබර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ 57.7ට සාපේක්ෂ ව 2016 ඔක්තෝබර් මාසයේ දී 56.5ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙ මගින් පසුගිය මාසයට සාපේක්ෂ ව 2016 ඹක්තෝබර් මාසයේ දී නිෂ්පාදන කටයුතුවල ප්‍රසාරණයේ මන්දගාමීත්වයක් පෙන්නුම් කරනු ලබයි. මේ සඳහා නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශකයන්ගේ මන්දගාමීත්වය ප්‍රධාන වශයෙන් හේතු විය. එළඹෙන උත්සව සමයට තොග රැස් කිරීමේ ප්‍රතිළුලයක් ලෙස ගැනුම් තොග උප දර්ශකය ඔක්තෝබර් මාසයේ දී සැලකිය යුුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ආන්තික ව වර්ධනය විය. මේ අතර සේවා නියුක්ති උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂ ව සුළු වශයෙන් පහත වැටුණි. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 ඔක්තෝබර් 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කළ්‍යාණි දහනායක සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදි. 

Pages