ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණ මහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී යන ආයතනවල පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසිධන මට්ටම දීර්ඝ වශයෙන් සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2018.01.01 දින පැවැති රැස්වීමේ දී එම ආයතන දෙකේ තැන්පත්කරුවන්ගේ හා අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ඹිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව සහ ශක්තිමත්භාවය තහවුරු කර ගැනීම සඳහාත් කෙටිකාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ පහත ක්‍රියාමාර්ග වහා ම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කරන ලදි.
- අදාළ ආයතන දෙකේ කළමනාකරණ කටයුතු කර ගෙන යෑම සඳහා මණ්ඩලයක් පත් කිරීම
- කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කරමින් එම තැන්පතු මාස 6ක කාලයක් දක්වා දීර්ඝ කිරීම
- තැන්පතු සඳහා ගෙවිය යුතු පොලිය එකඟ වූ කොන්දේසිවලට අනුව සිදු කිරීම
මෙම කාලය අතරතුර අදාළ ආයතන තම ආයෝජකයින් සමඟ පවත්වා ගෙන යනු ලබන සාකච්ඡා නිම කළ හැකි අතර අදාළ නීති හා රෙගුලාසිවලට යටත් ව සුදුසු ආයෝජකයින් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව අවශ්‍ය පහසුකම් සපයනු ඇත.
මෙම ආයතනවල තැන්පතුකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව එම ආයතන සම්බන්ධ ව තවදුරටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සහ එම ආයතනවල මෙහෙයුම් කටයුතු දැඩි ලෙස නිරීක්ෂණය කරන බව මෙම ආයතන දෙකේ තැන්පත්කරුවන් වෙත මෙ මගින් තවදුරටත් දැනුම් දෙනු ලැබේ. එ බැවින් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී එල් සී යන ආයතනවල ස්ථායීතාව තහවුරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සහයෝගය ලබා දෙන ලෙස එම ආයතන දෙකේ තැන්පත්කරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112 - 477258 හෝ 0112 - 477229 යන දුරකථන අංක මගින් තැන්පත්කරුවන්ට සම්බන්ධ විය හැක.