Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2017 ඔක්තෝබර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජ‍ාතික පාරිභෝගික මිල දර්ශ‍කයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 සැප්තැම්බර් මාසයේ පැවැති සියයට 8.6ට සාපේක්ෂ ව 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.8ක් දක්වා ඉහළ ගියේ ය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 6.8 සිට 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 7.1 දක්වා ඉහළ ගියේ ය. 

මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 123.3 සිට 2017 ඔක්තෝබර් මාසයේ දී දර්ශක අංක 124.8 දක්වා ඉහළ ගියේ ය. සැපයුම් අංශයේ අහිතකර ප්‍රවණතා හේතුවෙන් ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම මෙම මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. පොල්, එළවළු සහ සහල්වල මිල ගණන් ඉහළ යෑම ප්‍රමුඛ විය. කෙ සේ නමුත්, මාළු සහ බිත්තර මිල ගණන් පහළ ගියේ ය. මේ අතර, 2017 සැප්තැම්බර් මාසයේ දී එල් පී ගෑස් මිල ගණන් සඳහා හඳුන්වා දුන් සංශෝධනවල බලපෑම ද දක්නට ලැබුණි. තව ද, මාසය තුළ දී ආපන ශාලා සහ හෝටල් උප කාණ්ඩයේ මිල ගණන්වල ද ඉහළ යෑමක් වාර්තා විය. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 ඔක්තෝබර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 ඔක්තෝබර් මාසයේ දී 54.8ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 4.2ක අඩුවීමකි. ඒ අනුව, 2017 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන කටයුතු අඩු වේගයකින් වර්ධනය වීමක් පිළිඹිබු වේ. මෙම අඩු වර්ධනය සඳහා විශේෂයෙන් ම පසුගිය මාසයේ ඉහළ වේගයකින් වර්ධනය වූ නව ඇණවුම් සහ සේවා නියුක්තිකයන්ගේ උප දර්ශක මේ මාසයේ දී සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වීම හේතු විය. තව ද, 2017 ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන සහ ගැනුම් තොග යන උප දර්ශක ද අඩු වේගයකින් වර්ධනය විය. මේ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය සඳහා අදාළ වන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් වර්ධනය විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් විදේශීය සැපයුම්කරුවන්ගේ අමු ද්‍රව්‍ය සඳහා අනෙකුත් රටවල්වලින් ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් ඔවුන් ඇණවුම් සැපයීමට වැඩි කාලයක් ගත කිරීම හේතු විය. සමස්තයක් ලෙස සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලද අතර ඒ අනුව නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 ඔක්තෝබර් මාසයේ දී පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වුව ද වර්ධනයක් පිළිඹිබු කළේ ය.

ඉඩම් මිල දර්ශකය - 2017 වසර පළමු අර්ධය

නිශ්චල දේපල අංශයේ ප්‍රවර්ධනය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දර්ශක කිහිපයක් සම්පාදනය සහ විශ්ලේෂණය කරනු ලබයි. මේ අනුව, 1998 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින්, අර්ධ වාර්ෂික ව ඉඩම් මිල දර්ශකය සම්පාදනය කෙරේ. මෙම දර්ශකය ගණනය කිරීමේ දී තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සපයන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5ක්  ආවරණය වන පරිදි ප්‍රදේශ 50ක පමණ ඉඩම් මිල ගණන් භාවිතා කරනු ලබයි. මෙහි දී ඉඩම් භාවිතය පිළිබඳ වන විවිධත්වය සැලකිල්ලට ගෙන නේවාසික, වාණිජ සහ කාර්මික යන ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරයි. මෙම අනු දර්ශක තුනේ සාමාන්‍යය ඇසුරෙන් ඉඩම් මිල දර්ශකය සම්පාදනය කෙරේ.

සම්පූර්ණ ලිපිය

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 7

පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 නොවැම්බර් මස 06 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලයේ අදහස විය.  ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.

මුදල් මණ්ඩලයේ මෙම තීරණය, මැදි කාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ පවත්වා ගැනීම තුළින් තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා සහාය වීමේ අරමුණ සමඟ අනුකූල වේ. මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා තුඩුදුන් ප්‍රධාන සාධක පහත සඳහන් වේ.

වාර්ෂික වාර්තාවල සඳහන් සේවා නියුක්තිය සම්බන්ධ දත්ත පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014, 2015 සහ 2016 යන වාර්ෂික වාර්තාවල සඳහන් සේවා නියුක්තිය පිළිබඳ දත්ත සම්බන්ධ ව විවිධ ජනමාධ්‍ය මගින් වාර්තා නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත. 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මුළු දිවයින ම ආවරණය වන පරිදි පැවැත් වූ 2012 ජන හා නිවාස සංගණනයට පසු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබූ මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු සංශෝධනය කර එම සංශෝධිත දත්ත ශ්‍රේණිය නැවත ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රම බලකා සමීක්ෂණයට අදාළ ඇස්තමේන්තු නැවත බර තබන ලද අතර 2016 ජූලි මාසයේ දී 2011 වසරේ සිට ඉදිරි කාල පරිච්ඡේදය සඳහා නව ශ්‍රම බලකා ඇස්තමේන්තු ශ්‍රේණියක් ප්‍රකාශයට පත් කරන ලදි. මෙය ශ්‍රම බලකා සමීක්ෂණ ඇස්තමේන්තු හා මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු අතර වන අනුකූලත්වය තහවුරු කිරීම සඳහා අනෙකුත් රටවල් ද අනුගමනය කරන පොදු ක්‍රියා මාර්ගයකි. 

සම්පූර්ණ ලිපිය

පළාත් දළ දේශීය නිෂ්පාදිතය - 2016

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන නාමික අගය මත දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව බෙදා හැරීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2016 වසර සඳහා පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි. සමස්ත දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව ගනනය කිරීමේ දී එහි එක් එක් අයිතමයේ වටිනාකමට අදාළ පළාත් මට්ටමින් සකස් කර ගත් දර්ශක යොදා ගන්නා ලදි. 

2016 වසරේ දී නාමික අගය අනුව දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 11,839 දක්වා සියයට 8.1කින් වර්ධනය වූ අතර ඒක පුද්ගල ආදායම රුපියල් 558,363 (එක්සත් ජනපද ඩොලර් 3,835) ක් විය. 2016 වසරේ පළාත් දළ දේශීය නිෂ්පාදිතයේ සමස්ත ක්‍රියාකාරිත්වය රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය ප්‍රවණතාව සහ ආර්ථික කටයුතුවල වර්ධනය වීම පිළිබිඹු කරයි. කෟෂිකාර්මික කටයුතුවල මන්දගාමී ක්‍රියාකාරිත්වය, කෟෂිකාර්මාන්ත අංශය ප්‍රධාන ආර්ථික අංශය බවට පත් වූ පළාත්වල මන්දගාමී ක්‍රියාකාරිත්වයට හේතු විය. බස්නාහිර පළාත, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 39.7කට දායක වෙමින් සමස්ත ආර්ථික ක්‍රියාකාරිත්වය අඛණ්ඩ ව මෙහෙයවනු ලැබූව ද ප්‍රාදේශීය ආර්ථික කටයුතු වර්ධනය වීම සමඟ අනෙකුත් පළාත්වල දායකත්වය ක්‍රමයෙන් වර්ධනය විය. 

Pages