ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මාර්තු මාසයේ දී පැවැති සියයට 2.8ට සාපේක්ෂ ව 2016 පෙබරවාරි මස සිට වාර්තා වූ අඩු ම අගය වන සියයට 1.6ක් දක්වා 2018 අප්‍රේල් මාසයේ දී පහළ ගියේ ය. 2018 අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම පහළ යෑමට 2017 වසරේ අප්‍රේල් මාසය තුළ දී, විශේෂයෙන් ම ආහාර කාණ්ඩයේ මිල ගණන්වල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පැවැති ඉහළ පදනම් අගය දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 6.7 සිට 2018 අප්‍රේල් මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේ ය.















