ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 අගෝස්තු මාසයේ දී පැවැති සියයට 2.5 ට සාපේක්ෂ ව 2018 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.9 ක් දක්වා පහළ ගියේ ය. මෙම පහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර මිලෙහි වූ මාසික පහළ යෑම හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 4.7 සිට 2018 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගියේ ය.
මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2018 අගෝස්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 125.4 සිට 2018 සැප්තැම්බර් මාසයේ දී දර්ශක අංක 124.4 දක්වා පහළ යෑමට ආහාර කාණ්ඩයේ අයිතමවල මිලෙහි පහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එයට විශේෂයෙන් එළවළු, පොල්, අමු මිරිස් සහ නැවුම් මත්‍ස්‍ය අයත් වේ. මේ අතර, ආහාර නො වන කාණ්ඩය තුළ මිල ඉහළ යෑම් දක්නට ලැබුණු අතර විශේෂයෙන් මධ්‍යසාර පාන වර්ග සහ දුම්කොළ; ප්‍රවාහන; හා ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩ මේ සඳහා දායක විය.















