නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම සඳහා නොවැම්බර් මාසයට සාපේක්ෂ ව දෙසැම්බර් මාසයේ දී නිමි ඇඳුම් නිෂ්පාදන අංශයේ රැකියා නියුක්තියේ සහ නිෂ්පාදනයේ දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතු විය. රැකියා නියුක්තියේ සැලකිය යුතු අඩු වීමට උත්සව සමයේ වඩා හොඳ වැටුප් සහිත තාවකාලික රැකියා සඳහා සමහර සේවකයින් යොමු වීම ප්‍රධාන වශයෙන් හේතු විය. නිෂ්පාදනයේ ඇති වූ අඩු වීම කෙරෙහි ද මෙ මගින් බලපෑමක් ඇති විය. කෙ සේ වුව ද, උත්සව සමයේ ඉල්ලුම අඛණ්ඩ ව පැවැතීම හේතුවෙන් ආහාර සහ පාන අංශයේ නව ඇණවුම්වල වර්ධනයක් දක්නට ලැබුණි.
















