ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 දෙසැම්බර් මස 27 වැනි දින පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී. මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වීමේ අරමුණ ඇතිව, දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මුදල් මණ්ඩලය සැලකිල්ලට ගනු ලැබීය.















ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2018 වසරේ දෙසැම්බර් මස 07 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වී ය. මෙම සමුළුව, විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන්ට තම අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන අතර ම, කාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ සිදු කිරීම දිරිගැන්වීම අරමුණු කර ගනිමින් වාර්ෂික ව පවත්වනු ලබයි. මෙම වසරේ සමුළුව “උද්ධමන ඉලක්කකරණය සහ මහ බැංකුවේ ස්වාධීනත්වය, වගවීම සහ විනිවිදභාවය” යන තේමාව යටතේ පවත්වනු ලැබී ය.