සාමාජික රටක සංචාරය (දූත මෙහෙය) අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් බොහෝ විට නිකුත් කරනු ලබන සමාප්ති ප්‍රකාශනය මගින් එම නිලධාරීන්ගේ මූලික නිරීක්ෂණ විස්තර කෙරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පත් භාවිතා කිරීමට (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට) ඉල්ලීමක් කර ඇති විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා පනතේ හතරවන වගන්තිය යටතේ නිතිපතා (සාමාන්‍යයෙන් වාර්ෂික ව) සිදු කරනු ලබන උපදේශනවල කොටසක්, නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු ලබන වැඩසටහන්වලට අදාළ සාකච්ඡාවල කොටසක් හෝ ආර්ථික ප්‍රවණතා අධීක්ෂණය කරනු ලබන වෙනත් වැඩසටහන්වල කොටසක් ලෙස දූත මෙහෙයන් ක්‍රියාත්මක කෙරේ.
මෙම ප්‍රකාශනය නිකුත් කිරීම සඳහා බලධාරීන්ගේ අනුමැතිය හිමිවී ඇත. මෙම ප්‍රකාශයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර, එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු කිරීම අත්‍යවශ්‍ය නො වේ. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගනිමින්, කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙල කෙරෙන අතර, එය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙනු ඇත.