Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා සෞභාග්‍යය දර්ශකය - 2018

2018 වසරේ ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2017 වසරේ දී වාර්තා කළ 0.548 සිට 0.783 දක්වා ඉහළ යන ලදී. මෙම වැඩිදියුණු වීම සඳහා 'ආර්ථික සහ ව්‍යාපාර පරිසරය', ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ සහ 'සමාජ-ආර්ථික යටිතල පහසුකම්' යන උපදර්ශක තුනම දායක වී ඇත.

2018 වසර තුළ දී ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකය වර්ධනය වීම සඳහා මිල ස්ථායිතාව සහ අවිධිමත් අංශයේ වැටුප් ඉහළ යෑම හේතු විය. ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකයට අදාළව සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය, මහජනතාවගේ වත්කම්, පරිසරයේ පිරිසිදුකම යන අංශවල ඉහළ වර්ධනයන් වර්තා විය. 2018 වසර තුළ දී සමාජ-ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයේ වැඩිවීම කෙරෙහි විදුලිබල, ප්‍රවාහන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යන පහසුකම් පැවතීම සහ නලජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු වීම ප්‍රධාන වශයෙන් දායක විය.

වෝහාරික විගණනයන්

2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම  සහ වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් කරන ලද නිර්දේශයන් ද  අනෙකුත් විගණන වාර්තා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් කරන ලද අභ්‍යන්තර විමර්ශන වාර්තාවල අඩංගු වූ කරුණු ද සලකා ශ්‍රී ලංකා  මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විගණකාධිපතිතුමාගේ ද උපදෙස් ලබා ගනිමින්, වෝහාරික විගණනයන් පැවැත්වීමට සැලසුම් යොදන ලදී. මෙම විගණන කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් මගින් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල ව, ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත විගණන සමාගම් තෝරා ගනු ලැබූ අතර, එම විගණන කණ්ඩායම් සම්පූර්ණයෙන් ම විදේශීය සාමාජිකයින්ගෙන් සමන්විත විය. මෙම ප්‍රසම්පාදනය සඳහා වූ අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිරීක්ෂකයෙකු වශයෙන් විගණකාධිපතිතුමාගේ නියෝජිතවරියක්ද කටයුතු කරන ලදී.

ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුවෙහි 32 වන වාර්ෂික සමුළුව - 2019, කොළඹ ශ්‍රී ලංකාව

ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුවෙහි 32 වන වාර්ෂික සමුළුව 2019 ඔක්තෝම්බර් මස 28 සිට 30 දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත් වූ අතර එහි සත්කාරකත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දරණ ලදි. වඩා හොඳ ණය පූරකකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 1987 දී මෙම ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුව ස්ථාපනය කරන ලදි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා‍ ආසියාවේ ස්ථාපිත විශාලතම සංවිධානය මෙය වන අතර රටවල් 11 ක සාමාජික ආයතන 16 කින් මෙය සමන්විත වේ. ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුවෙහි වර්තමාන සාමාජික රටවල් අතරට ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, මොන්ගෝලියාව, නේපාලය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිවානය සහ තායිලන්තය ඇතුළත් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්" ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්” ප්‍රකාශනය අද දින විද්‍යුත් මාධ්‍යයෙන් එළි දැක්වීය. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම බාගත කළ හැකි ය.

“මෑතකාලීන ආර්ථික ප්‍රවණතා” ප්‍රකාශනයෙහි අන්තර්ගත වන පරිදි 2019 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සමස්ත නිරීක්ෂණය පහත දැක්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව දීර්ඝ කරන ලද විස්තීර්ණ ණය පහසුකමට අදාළ හයවන සමාලෝචනය සම්පූර්ණ කරයි

විස්තීර්ණ ණය පහසුකමට අදාළ අරමුදල්වල මීළඟ වාරිකය මුදා හැරීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව විසින් හයවන සමාලෝචනය සාර්ථක ව නිම කරන ලදී.

අවදානම්වලට මුහුණදීමට ඇති හැකියාව වර්ධනය කිරීම සහ ශක්තිමත් හා සාර්ව සහභාගීත්වයකින් යුතු ආර්ථික වර්ධනයනට සහය වීම සඳහා ප්‍රතිපත්ති විනය තිරසාර ව පවත්වා‍ ගැනීම අත්‍යවශ්‍ය වේ.

සමාජ සහ ආයෝජන වියදම් සඳහා අවශ්‍ය අවකාශය සලසා දෙමින් රාජ්‍ය ණය අඩු කිරීම සඳහා රාජ්‍ය ආදායම් රැස් කිරීම සාර්ථක ව සිදු කළ යුතු ව ඇත.

ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත්ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත්විය. ආයතනය යථා තත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනාගැනීම සඳහා අවස්ථා ගණනාවකදී ප්‍රයත්නයන් දැරුවද එම ප්‍රයත්නයන් තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත.

Pages

නිවේදන