2019 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2019 මාර්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය විය. නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් පිළිඹිබු කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 46ක් තුළ වාර්තා කළ ඉහළ ම අගයට ළඟා විය. උත්සව සමයේ පවතින ඉල්ලුමත් සමඟ, විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ, නව ඇණවුම්වල දක්නට ලැබුණු වර්ධනය මාර්තු මාසය තුළ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.















