ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ සියයට 0.1 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 1.0 ක අගයක් වාර්තා කරමින් එහි පහළ යන ප්‍රවණතාව වෙනස් කරන ලදී. 2018 නොවැම්බර් මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා ආහාර මිල ගණන්වල ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට -6.6 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට -3.9 දක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 5.8 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 3.3 සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 2.7 දක්වා පහළ ගියේය.