ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 මාර්තු 16 වැනි දින පැවැති හදිසි රැස්වීමේදී, 2020 මාර්තු 17 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.25 සහ සියයට 7.25 දක්වා පදනම් අංක 25 කින් අඩු කිරීමට සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියළු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව වර්තමාන සංචිත පවත්වාගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කළේය. ගෝලීය වශයෙන් සීඝ්රයෙන් ව්‍යාප්ත වන කොරෝනා (COVID -19) වසංගතය සහ ශ්‍රී ලංකාව තුළ එය තවදුරටත් ව්‍යාප්තවීමේ හැකියාව සමඟ ආර්ථික කටයුතු සඳහා සහාය දැක්වීමේ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය.
Monday, March 16, 2020