ශ්රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂික ව පවත්වනු ලබන එහි ප්‍රධාන සමුළුවක් වන දොළොස් වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2019 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීය. මෙම සමුළුව විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන් සඳහා තම අදහස් සහ අත්දැකීම් ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කර දෙන අතර ම, මෑත කාලීන විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ ප්‍රායෝගික සහ සෛද්ධාන්තික පර්යේෂණ සිදු කිරීම දිරි ගැන්වීම අරමුණු කර ගනිමින් පවත්වනු ලබයි.















