ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ්, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර හා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අද දිනයේ දී හමු වූවා ය.
එම හමුවෙන් අනතුරු ව ලගාඩ් මහත්මිය පහත ප්‍රකාශය නිකුත් කළා ය:
“අමාත්‍ය සමරවීර සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති කුමාරස්වාමි හමුවීමට ලැබීම ගැන මම සතුටට පත් වූයෙමි. රටෙහි පවතින අභියෝගාත්මක ආර්ථික පරිසරය සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් පිළිබඳ ව අපි සාකච්ඡා කළෙමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සහිත වැඩසටහන යටතේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම පිළිබඳ ව එහි දී අවධාරණය කෙරුණි.”
“එම න්‍යාය පත්‍රය ඵලදායී අයුරින් ක්‍රියාත්මක කර ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තිරසාර, ඉහළ ගුණාත්මක වර්ධන මාවතකට
ශ්‍රී ලංකාව යොමු කළ හැකි බවටත්, එය විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන සාධකයක් වන බවටත් එකඟ විය”.