කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා 1949 අංක 58 දරන මුදල් නීති පනතේ, 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දෙනු ලැබේ.















'2020 - ඩිජිටල් ගනුදෙනු වර්ෂය' ප්‍රවර්ධන වැඩසටහන 2020.03.11 වන දින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ බැංකුකරුවන්, බැංකු නොවන මූල්‍ය ආයතන නිලධාරින්, ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් දියත් කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමී ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂක ඩී. කුමාරතුංග මහතා විසින් “Cash වදේ“ ප්‍රචාරන වැඩසටහන හඳුන්වාදෙන ලදී. මෙමගින් මුදල් පරිහරණයේ දී පාරිභෝගිකයින් හා ව්‍යාපාරිකයින් යන දෙපාර්ශ්වය ම මුහුණ පාන ගැටළු එනම්, සොරකම් කිරීමේ අවදානම, පෝලිම්වල සිටීමෙන් තමන්ගේ කාලය අපතේ යෑම වැනි දේ පෙන්නුම් කරයි. මෙම දියත් කිරීම මගින් සුළු පරිමාණ ගනුදෙනු ප්‍රචලිත කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනේ නිල ආරම්භය සනිටුහන් කරන ලද අතර, ජංගම යෙදුම්, ලංකා QR කේතය සහ ණය සහ හර කාඩ්පත් වැනි ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිත කිරීමට පාරිභෝගිකයන් ආකර්ශණය කර ගැනීම අරමුණ වේ. 