ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනී

ශ්‍රී  ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 අගෝස්තු 19 වැනි දින පැවති රැස්වීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ක්  ලෙස දැනට  පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. විශේෂයෙන් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ලිහිල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සම්පූර්ණ බලපෑම වෙළඳපොළ ණය අනුපාතික මගින් තවමත් පිළිබිඹු නොවන හෙයින් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලදී. ආන්තික ණය ලබාගන්නන්හට සහාය වීම සඳහා ඉහළ අගයක පවතින ඇතැම් පොලී අනුපාතික අඩු කිරීමට අවශ්‍ය ඉලක්කගත ක්‍රියාමාර්ග ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. අඩු උද්ධමනයක් පවතින වාතාවරණයක් යටතේ වෙළඳපොළ ණය අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරන අතර එමගින් ආර්ථිකයේ ඵලදායී අංශ වෙත ණය ලබාදීම කඩිනම් කිරීම සහ කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා මෙන්ම පුළුල් ආර්ථිකයට වන සහාය වඩාත් ශක්තිමත් කෙරෙනු ඇත.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, August 20, 2020