Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2020 ජනවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

අපනයන ආදායම අඩුවීමත් ආනයන වියදම වැඩිවීමත් සමඟ 2019 ජනවාරි මාසයට සාපේක්ෂ ව 2020 ජනවාරි මස වෙළෙඳ හිඟය පුළුල් විය. 2019 අවසානය වන විට සංචාරක කර්මාන්තය පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගේ බලපෑමෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වුව ද, 2020 ජනවාරි මස කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්තිය හේතුවෙන් එම යථා තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව ආපසු බලපෑමට ලක් විය. 2020 ජනවාරි මස විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරට සාපේක්ෂ ව වැඩි වීමක් වාර්තා කළේ ය. මේ අතර, 2020 ජනවාරි මස රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර සමස්තයක් ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් දැකිය හැකි විය. 2020 ජනවාරි මස ශ්‍රී ලංකා රුපියල සමස්තයක් ලෙස ස්ථාවර ව පැවතෙමින් එක්සත් ජනපද ඩොලරයට එරෙහි ව අතිප්‍රමාණය වුව ද කොරෝනා වසංගතය හමුවේ එක්සත් ජනපද ඩොලරය සහ ජපන් යෙන් ශක්තිමත් වීම හේතුවෙන් මාර්තු මාසයේ දී බොහෝ නැගී එන වෙළෙඳපොළ විනිමය අනුපාතිකයන්හි ප්‍රවණතාවට  සමාන ව තියුණු ලෙස අවප්‍රමාණය විය.

කොරෝනා ව්‍යසනය (COVID-19) මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා බැංකු සහන පහසු කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවයි

කොරෝනා ව්‍යසනය හෙවත් COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම උදෙසා අවශ්‍ය නම්‍යශීලීත්වය බැංකු ක්ෂේත්‍රයට ලබාදීමේ  අරමුණින් ‍ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සදහා සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත.  මෙම ක්‍රියාමාර්ග හඳුන්වා දීමේ දී මුදල් මණ්ඩලය විසින් විශේෂයෙන් බැංකු විසින් දැනටමත් රැස් කර ගෙන ඇති ප්‍රාග්ධන අතිරික්තයන් ඇතුළු ව බැංකු ක්ෂේත්‍රයේ සමස්ත ස්ථායිතාව සැලකිල්ලට ගත් අතර දැනට පවතින හා ඉදිරියේ දී අපේක්ෂිත ද්‍රවශීලතා මට්ටම්, අසාමාන්‍ය ලෙස ආර්ථික කටයුතු බිඳ වැටීම සහ බහුතරයක් ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ ණය පහසුකම් නිසි පරිදි ගෙවා දැමීමට නො හැකි වීම නිසා ඉදිරියේ දී අක්‍රීය ණය ඉහළ යාමට ඇති ප්‍රවණතාව වැනි කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන ලදී.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජනවාරි මාසයේ පැවති සියයට 7.6හි සිට 2020 පෙබරවාරි මාසයේ දී සියයට 8.1 දක්වා ඉහළගියේ ය. 2019 පෙබරවාරි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. තව ද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී සියයට 16.3හි පැවති අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.1හි පැවතුණි.

2020 මාර්තු 23 වන දින බැංකු කටයුතු

මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා 2020 මාර්තු 23 වන දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටී.

කොරෝනා (COVID -19) වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කඩිනම් ක්‍රියාමාර්ග හඳුන්වා දෙයි

කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා 1949 අංක 58 දරන මුදල් නීති පනතේ, 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දෙනු ලැබේ.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 පෙබරවාරි

2020 පෙබරවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මන්දගාමීත්වයක් පෙන්නුම් කරමින්, දර්ශක අගය 53.6 ක් ලෙස වාර්තා විය. නව ඇණවුම් සහ සේවා නියුක්තියෙහි සිදුවූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වූ අතර, නව කොරෝනා වෛරසයේ (COVID-19) බලපෑම හේතුවෙන්, ඉදිරි මාස තුන සඳහා අපේක්ෂාවන් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.

2020 පෙබරවාරි මාසයේ දී සේවා අංශය පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වර්ධනය වූ අතර, නව කොරෝනා වෛරසයෙහි (COVID-19) බලපෑම නිසා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම්හි වර්ධනය මන්දගාමී වීම මේ සඳහා හේතු විය.

Pages