අවශ්‍ය අවස්ථාවල දී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනීමේ තාවකාලික මූලාශ්‍රයක් වශයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දිනෙක ගිවිසුමකට එළඹිණි. මෙම පහසුකම ශාස්ත්‍රීය වචනවලින් හැදින්වෙනුයේ, "විදේශීය සහ අන්තර්ජාතික මූල්‍ය අධිකාරීන්" සඳහා වූ එක්දින ප්‍රතිතිමිලදී ගැනුම් පහසුකමක් (Overnight Repurchase Facility) වශයෙනි. ලොව පුරා බොහෝ මහ බැංකු සිය කෙටිකාලීන ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස මෙම පහසුකම භාවිත කොට ඇත. අපගේ දීර්ඝ කාලීන විදේශීය විනිමය ආයෝජන කළඹ පිළිබඳ හදිසි ව්‍යුහමය වෙනස්කම් සිදු කිරීමකින් තොර ව, අවශ්‍ය අවස්ථාවන්හි දී කෙටිකාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට මහ බැංකුවකට මෙම පහසුකම මගින් ඉඩ සැලසේ.















