ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 අප්‍රේල් මස 03 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.00 සහ සියයට 7.00 දක්වා පදනම් අංක 25කින් 2020 අප්‍රේල් මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසාන වන වෙලාවේ සිට බල පැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කළේ ය. මෙම තීරණය මගින් වෙළෙඳපොළ තත්ත්වයන් ලිහිල් කිරීම සදහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග සදහා සහයක් ලැබෙන අතර, කොරෝනා වෛරස (COVID-19) ගෝලීය වසංගතය මගින් සහ එය රට තුළ තවදුරටත් පැතිරයාම පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත දේශීය මුල්‍ය වෙළෙදපොළ මගින් තවදුරටත් සහන සැලසීමට අවකාශ ලැබෙනු ඇත.