Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කො.පා.මි.ද මත පදනම් වූ උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.0හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 10.0හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 10.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.3හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 1.6 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් හි ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරන ලද පත් කිරීම ඉවත් කර ගැනීම

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, අදාළ සමාගමට ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කටයුතු කිරීමට ලබා දී තිබූ පත් කිරීම, 2020 නොවැම්බර් 30 වන දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙලීමට ප්‍රතිචාර

ෆිච් ශ්රේණිගත කිරීමේ ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම පහත හෙලීමේ නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කරන ලද ප්‍රතිචාරය පහත සබැඳියෙහි දැක්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 නොවැම්බර් 25 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹිණි. වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත වෙළඳපොළ ණය අනුපාතිකවල අඩුවීම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර, විශේෂයෙන් දේශීය මුදල් වෙළඳපොළේ ඉහළ මට්ටමක පවතින අතිරික්ත ද්‍රවශීලතාව සැලකිල්ලට ගනිමින් ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන නොමැති වාතාවරණයක ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ණය අනුපාතිකයන්හි අඛණ්ඩ පහළ යෑමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ආර්ථික පුනර්ජීවනයට සහාය වීම සඳහා, වැටුප් ලබන සේවකයින් සඳහා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කළ අතර, නුදුරු අනාගතයේ දී ආර්ථිකයේ තෝරාගත් අංශ සඳහා ණය ලබා දීමේ ඉලක්ක හඳුන්වා දෙනු ඇත.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 ඔක්තෝබර්

2020 ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

ඔක්තෝබර් මස මුල සිට ආරම්භ වූ COVID-19 වසංගතයේ දෙවන රැල්ලේ අහිතකර බලපෑම් හේතුවෙන් 2020 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන කටයුතු වල ක්‍රියාකාරීත්වයේ පහළ යාමක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව, විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදන සහ ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශවල නිෂ්පාදනය, නව ඇණවුම්, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් වල සිදුවු සැලකිය යුතු පහළ යාම හේතුවෙන් නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ඔක්තෝබර් මාසයේදී 40.3ක් දක්වා පහළ යන ලදී.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 6.4හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.5 දක්වා පහළ ගියේය. 2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 12.7හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 10.6 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 1.4හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 1.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

Pages