Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 70 වන සංවත්සරය නිමිත්තෙන් සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරයි

1950 අගෝස්තු මාසයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදෙසා සුවිශේෂී හා වටිනා දායකත්වයක් ලබා දෙමින් වසර 70 ක් සම්පූර්ණ කර ඇත. සිය 70 වන සංවත්සරය සංකේතවත් කරමින් මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා නොවන සමරු කාසියක් (ඇලුමිනියම් - ලෝකඩ) 2020 දෙසැම්බර් 31 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී. එයට සමගාමීව, සමාන නිර්මාණ සැලැස්මක් සහිත මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් (නිකල් ආලේපිත වානේ) නිකුත් කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. කාසිය පිළිබඳ විස්තර හා පිරිවිතර පහතින් සවිස්තරව දැක්වේ.

අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීම: මෙම ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව කුමක්ද?

2021 පෙබරවාරි මස 18 වන දින මුදල් මණ්ඩලය විසින්, අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම හා එකී මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමට අදාළ රීති ප්‍රකාශයට පත් කළ අතර, මේ සම්බන්ධයෙන් මෙහෙයුම් උපදෙස් බලපත්‍රලාභි බැංකු වෙත නිකුත් කරන ලදී. අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැනට පවතින රීතිවලට අමතරව ඉහත රීති සහ මෙහෙයුම් උපදෙස් නිකුත් කර ඇති අතර, ඒ්වා නිකුත් කරනු ලැබුවේ රටෙහි විදේශ විනිමය තත්ත්වය ශක්තිමත් කිරීම සහ විනිමය අනුපාතයේ අධික විචලන සඳහා හේතුවන සමපේක්ෂණ ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා ය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 ජනවාරි මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.6හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 3.7 දක්වා පහළ ගියේ ය. 2020 ජනවාරි මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 7.5හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 2.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 1.8 දක්වා පහළ ගියේ ය.

අපනයනය මඟින් ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම

2021 පෙබරවාරි මස 18 වන දිනැති අංක 2215/39 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇති පරිදි, අපනයනය මඟින් ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ලැබීම හා එකී මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාළ රීතීන්, මුදල් මණ්ඩලය මඟින් නිකුත් කර ඇත.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු, පහත රීතීන් 2021 පෙබරවාරි මස 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇත.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 ජනවාරි

2021 ජනවාරි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනය විය.

2021 ජනවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 60.2ක් වාර්තා කරමින් වර්ධනය වූ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන වල සිදුවූ වර්ධනය මේ සඳහා හේතු විය. තොග මිලදී ගැනුම් උප දර්ශකයේ ඉහළ යාමද සමස්ත දර්ශකයේ වර්ධනය කෙරෙහි දායක විය.

ධනාත්මක ලෙස වසර ආරම්භ කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 ජනවාරි මාසයේ දී 56.2ක් ලෙස වාර්තා විය. COVID-19 වසංගතයෙහි දෙවන රැල්ල හේතුවෙන් පසුබෑමකට ලක් වූ සේවා අංශය තවදුරටත් යථා තත්ත්වයට පත්වීමක් මෙමගින් පෙන්නුම් කෙරේ. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි දක්නට ලැබුණු ඉහළ යෑම් මෙම වර්ධනය සඳහා දායක විය.

සම්පුර්ණ ලිපිය

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 දෙසැම්බර්

රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්යවශ්ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව අඛණ්ඩව අඩු විය. සමස්තයක් ලෙස, 2019 වසර සමඟ සැසඳීමේ දී වෙළඳ හිඟය 2020 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 2.0කින් සැලකිය යුතු ලෙස අඩු විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්රේෂණ ඉතිහාසයේ ඉහලම මාසික ලැබීම වාර්තා කරමින් 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ද විදේශීය අංශය ශක්තිමත් කිරීමට අඛණ්ඩව දායක විය. මූල්ය ගිණුමේ, රාජ්ය සුරැකුම්පත් වෙළදපොළෙහි සහ කොළඹ කොටස් වෙළදපොළෙහි විදේශීය ආයෝජන 2020 වසරේ දෙසැම්බර් මාසයේදී සුළු ශුද්ධ ගෙවීම් වාර්තා කර ඇත. වර්ෂය අවසානයේදී දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.7ක් විය. 2020 වසරේ දී ශ්රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 2.6කින් අවප්රමාණය විය. විනිමය අනුපාතිකය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මෙන්ම 2021 වසරේ මේ දක්වා වූ කාලපරිච්ඡේදයේදී ද යම් විචලනයක් දැක්වීය.

Pages

නිවේදන