Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

එස් ඇන්ඩ් පී ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (S & P Global Ratings) විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට ප්‍රතිචාර

එස් ඇන්ඩ් පී ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (S & P Global Ratings) විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමේ නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ප්‍රතිචාරය පහත සබැඳියෙහි දක්වා ඇත.

විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා වලංගු කාලය දීර්ඝ කිරීම සහ එම ගිණුම්වල ඇති අරමුදල් ශ්‍රී ලංකාව තුළ රඳවා ගැනීම සඳහා වන අවසරය

රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් 2020 අප්‍රේල් 08 දින විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙන ලදී. ඒ අනුව, 2020 ඔක්තෝබර් 07 දින වන විට, විශේෂ තැන්පතු ගිණුම්වල ඇති මුළු තැන්පතු ප්‍රමාණය දළ වශයෙන් එ.ජ.ඩො. මිලියන 272ක් විය.

විදේශ විනිමය ඉතා විශාල ප්‍රමාණයක් රට තුළට ගෙන්වා ගැනීමට විශේෂ තැන්පතු ගිණුම් සතුව පවතින හැකියාව සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම සහ සමස්ත ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි ධනාත්මක බලපෑම සලකා බලා ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා වලංගු කාලය 2021 අප්‍රේල් 07 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

කො.පා.මි.ද මත පදනම් වූ උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.0හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 10.0හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 10.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.3හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 1.6 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් හි ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරන ලද පත් කිරීම ඉවත් කර ගැනීම

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, අදාළ සමාගමට ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කටයුතු කිරීමට ලබා දී තිබූ පත් කිරීම, 2020 නොවැම්බර් 30 වන දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙලීමට ප්‍රතිචාර

ෆිච් ශ්රේණිගත කිරීමේ ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම පහත හෙලීමේ නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කරන ලද ප්‍රතිචාරය පහත සබැඳියෙහි දැක්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 නොවැම්බර් 25 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹිණි. වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත වෙළඳපොළ ණය අනුපාතිකවල අඩුවීම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර, විශේෂයෙන් දේශීය මුදල් වෙළඳපොළේ ඉහළ මට්ටමක පවතින අතිරික්ත ද්‍රවශීලතාව සැලකිල්ලට ගනිමින් ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන නොමැති වාතාවරණයක ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ණය අනුපාතිකයන්හි අඛණ්ඩ පහළ යෑමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ආර්ථික පුනර්ජීවනයට සහාය වීම සඳහා, වැටුප් ලබන සේවකයින් සඳහා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කළ අතර, නුදුරු අනාගතයේ දී ආර්ථිකයේ තෝරාගත් අංශ සඳහා ණය ලබා දීමේ ඉලක්ක හඳුන්වා දෙනු ඇත.

Pages