Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් පිළිගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ක්‍රමයෙන් අඩු වෙන (Step-down) ස්ථාවර කූපන් පොළී අනුපාතික සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් (12) මඟින් පියවීම

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින්  ප්‍රකාශයට පත් කරන ලද 2023 ජූලි 04 දිනැති භාණ්ඩාගාර බැදුම්කර සඳහා වන හුවමාරු යෝජනාව (හුවමාරු යෝජනාව) සහ ඉන් අනතුරුව 2023 සැප්තැම්බර් 12 දින නිවේදනය කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන හුවමාරු ආරාධනයෙහි ප්‍රතිඵලවලට අනුව (මෙහි  සඳහන් අර්ථ දක්වා නොමැති පදවලට අර්ථකතනයන්  හුවමාරු  යෝජනාවේ  අර්ථ දක්වා ඇත) රජය විසින්, වලංගු පිරිනැමීම් සඳහා පියවීමට ඇති සුදුසුකම්ලත් භාණ්ඩාගාර බැඳුම්කර, හුවමාරු යෝජනාවේ සඳහන් අනුපාතික සැලකිල්ලට ගනිමින් ක්‍රමයෙන් අඩු වෙන (Step-down) ස්ථාවර කූපන් පොළී අනුපාතික* සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් (12) ලෙස පරිවර්තනය කර පහත සඳහන් ආකාරයට 2023 සැප්තැම්බර් 14 දින පියවීම් සිදු කරන ලදී.

සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහනට සහභාගීවීම

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු අනුමැතිය මත සිදු කරන ලද දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහනට සුදුසුකම් සැපිරූ භාණ්ඩාගාර බැඳුම්කර හිමිකරුවෙක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) අදාළ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුව සඳහා සහභාගී වූ බව එහි සාමාජිකයින් වෙත මෙයින් දැනුම්දෙමු.  

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ දෙවන ජාතික අවදානම ඇගයීමේ සංක්ෂිප්ත වාර්තාව නිකුත් කරයි

2021/22 වර්ෂය සඳහා වන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ජාතික අවදානම ඇගයීමේ සංක්ෂිප්ත වාර්තාව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ එක්ව සිදු කළ ජාතික අවදානම ඇගයීම මත පදනම්ව සකස්කර ඇත. රට තුළ පවතින මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ අවදානම් හඳුනා ගැනීම මෙම ඇගයීමෙහි අරමුණ විය. මෙම ඇගයීම මගින් ශ්‍රී ලංකාව මුහුණ දෙන වඩාත්ම සැලකිය යුතු මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ තර්ජන, ඊට නතුවීමට ඇති ඉඩකඩ සහ අවදානම් ඉස්මතු කරයි.

බිම්පුත් ෆිනෑන්ස් පී එල් සී 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත්කල බලපත්‍රය අවලංගු කිරීම

011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත (මුදල් ව්‍යාපාර පනත) යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය එම පනතේ ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති සමස්ථ මුල්‍ය පද්ධති ස්ථායිතාවය සපල කරගැනීමේ අරමුණින් පනවන ලද පොදු විධාන සහ එම ආයතනයේ දුර්වල මුල්‍ය තත්ත්වය පිළිබද ගැටළු නිරාකරණය කර ගැනීමේ අරමුණින් පණවන ලද විශේෂිත විධාන සහ  නීතීන් ගණනාවක්  අඛණ්ඩව කඩකරමින්/ පටහැනි ලෙස කටයුතු කරමින් පැවතුනි. මෙම තත්වය හේතු කොටගෙන පැන නැගුණු  ඌන ප්‍රාග්ධන මට්ටම, ගුණාත්මක බවින් අඩු වත්කම්  සහ අඛණ්ඩව වාර්තා වූ අලාභයන් හේතුවෙන් එම ආයතනයේ මුල්‍ය තත්වය තවදුරටත් දුර්වල වී පැවතුනි.

මුදල් ව්‍යාපාර පනතේ  ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති විධාන සහ  නීතීන් වලට මෙන්ම බැංකු  නොවන මුල්‍ය ආයතන එකාබද්ධ කිරීමේ සැලැස්ම සදහා ද අනුගතවීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින්  කිහිප අවස්ථාවකදී කාලය දීර්ඝ කිරීම් සිදුකලද  එම පනතේ  ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති විධාන සහ  නීතීන් වලට අනුගත වීමටත් , ආයතනයේ පැවති දුර්වල තත්ත්වය මගහරවා ගනිමින් සෑහීමකට පත්විය හැකි වර්ධනයක් පෙන්වීමටත් ආයතනය අපොහොසත් විය.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ දී තවදුරටත් පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජූලි මාසයේ වාර්තා වූ සියයට 6.3හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

අඛණ්ඩව දෙවන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර අවධමනයක් වාර්තා වූ අතර, එය 2023 ජූලි මාසයේ පැවති සියයට 1.4ට සාපේක්ෂව 2023 අගෝස්තු මාසයේ දී සියයට 4.8ක් විය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2023 ජූලි මාසයේ පැවති සියයට 10.5හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 8.7 දක්වා තවදුරටත් පහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට -0.41ක මිල පහළ යෑමේ සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.39ක මිල ඉහළ යෑමේ ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2023 අගෝස්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට -0.02ක් ලෙස වාර්තා විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 ජූලි මාසයේ පැවති සියයට 5.9හි* සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 4.6 දක්වා පහළ ගියේය.

මෙතෙක් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂාවල ප්‍රතිඵලයක් ලෙස, උද්ධමනය මැදි කාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 ජූලි

වෙළඳ හිඟය, 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව අපනයන ඉපැයීම් පහළ යෑමෙහි සහ ආනයන වියදම් ඉහළ යෑමෙහි ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2023 වසරේ ජූලි මාසයේ දී පුළුල් විය. කෙසේ වෙතත්, ජනවාරි සිට ජූලි දක්වා කාලපර්ච්ඡේදය තුළ සමස්ත වෙළඳ හිඟය, 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව බෙහෙවින් අඩු මට්ටමක පැවතුණි.

2023 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර සංචාරක ඉපැයීම් පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඛණ්ඩව වර්ධනය විය.

2023 වසරේ ජූලි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජනවල කැපී පෙනෙන ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර කොළඹ කොටස් වෙළඳපොළ වෙත ද ශුද්ධ විදේශීය ලැබීම් වාර්තා විය.

දළ නිල සංචිත මට්ටම, 2023 වසරේ ජූලි මාසය අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 3.8ක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ ජූලි මාසයේ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව යම් විචලනයක් පෙන්නුම් කළේය.

Pages