ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සහ බහරේන් රාජ්‍යයේ මූල්‍ය බුද්ධි ජාතික මධ්‍යස්ථානය අවබෝධතා ගිවිසුමකට එළැඹීම

මුදල් විශුද්ධිකරණය හා ඒ ආශ්‍රිත මූලික වැරදි සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ වරද සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2024 ජූනි 04 වන දින ප්‍රංශයේ පැරිස් නුවර පැවති එග්මන්ට් කණ්ඩායම් සමුළුවේ දී, බහරේන් රාජ්‍යයේ මූල්‍ය බුද්ධි ජාතික මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම අවබෝධතා ගිවිසුමට එළැඹෙන ලදී.

ජාත්‍යන්තර වශයෙන් එකිනෙකට සම්බන්ධතාවයක් පවතින සහ ගෝලීය වශයෙන් පැතිරී ඇති අපරාධමය ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා රටවල් අතර තොරතුරු හුවමාරු කරගැනීම තුළින් මනා සහයෝගීතාවයක් ඇති කරගැනීමට ලොව පුරා ඇති මූල්‍ය බුද්ධි ඒකකයන් සිය ගෝලීය පාර්ශ්වකරුවන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹෙයි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමට අදාළ තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ බෙදා හැරීම සිදු කරන මධ්‍යම කේන්ද්‍රය ලෙස බහරේන් රාජ්‍යයේ මූල්‍ය බුද්ධි ජාතික මධ්‍යස්ථානය කටයුතු කරයි. එසේම, මුදල් විශුද්ධිකරණය / ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම හෝ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් හා සම්බන්ධ සැකකටයුතු මුදල් ගනුදෙනුවලට අදාළ තොරතුරු ලබාගැනීම, විශ්ලේෂණය කිරීම සහ බෙදාහැරීම මෙන්ම මෙරට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව සඳහා කේන්ද්‍රීය මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කරයි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, June 19, 2024