Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව 2017 ජූලි 17 සිට 21 දක්වා කොළඹ දී

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව සාමාජික රටවල් 41ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජනය සහිත දේශීය සහ විදේශීය ආරාධිතයන් 450කගේ පමණ සහභාගීත්වයෙන් 2017 ජූලි මස 17 සිට 21 දක්වා කොළඹ දී පැවැත්වේ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වේ. 

'සිලෝන් ටී' 150 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සමරු කාසියක් නිකුත් කරයි

'සිලෝන් ටී' ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් සහ දිගු කාලීන අපනයන වෙළෙඳ භාණ්ඩයක් ලෙස ජාතික ආර්ථිකයට සිදු කරන ලද දායකත්වය සලකා එහි 150 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රුපියල් 10 ක් වන සමරු කාසියක් නිකුත් කරන ලදී. 

මෙහි පළමු කාසි කාණ්ඩය 2017 ජූලි මස12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති උත්සවයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී. 

මෙම සමරු කාසිය 2017 ජූලි මස 13 වැනි දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන අතර සංසරණයේ පවතින අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි අතරෙහි ගෙවීම් සඳහා භාවිත කළ හැකි වේ. 

සම්පූර්ණ ලිපිය

2017 අප්‍රේල් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2017 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. 2017 අප්‍රේල් මාසයේ දී අපනයන ආදායම වර්ධනය වුව ද, ආනයන වියදම වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය ද පුළුල් විය. 2017 අප්‍රේල් මාසයේ දී සංචාරක ඉපැයීම් ඉහළ ගිය ද, පුළුල් වූ වෙළෙඳ හිඟය සමඟ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද අඩු වීම හේතුවෙන් විදේශීය ජංගම ගිණුම මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. කෙ සේ වෙතත්, කොළඹ කොටස් හුවමාරුව සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ විදේශ විනිමය ලැබීම් හේතුවෙන් ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම සවිමත් විය.   

සම්පූර්ණ ලිපිය

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් අාඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, 2017 ජූලි මස 6 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරු‍වෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2017 ජූලි මස 6 වැනි දින පස්වරු 4.30 සිට බල පැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කරන ලදී.

මෙම නියාමන ක්‍රියාමාර්ගය වෙළෙඳපොළ කටයුතු කෙරෙහි අගතිදායක නො වන බවට සහතික වීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ. තව ද, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නො වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි පරිදි ගනු ලැබේ. 

ලියාපදිංචි බැංකු විසින් ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා බාසල් III ප්‍රමිතීන් ක්‍රියාවට නැංවීම

ශ්‍රී ලංකා මහ බැංකුව විිසින් 2016 වසර අවසානයේ නිකුත් කරන ලද අවම ප්‍රාග්ධන ප්‍රමිතීන් පිළිබඳ විධානයන් අනුව 2017 ජූලි 1 වැනි දින සිට ලියාපදිංචි බැංකු අවම ප්‍රාග්ධන ප්‍රමිතීන් ක්‍රියාවට නංවනු ඇත. මෙම විධානයන් බැංකුවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට අන්තර්ජාතික පියවීම් බැංකුව (BIS) නිකුත් කළ බාසල් III තෝලනය සහ ද්‍රවශීලතාව පිළිබඳ මාර්ගෝපදේශයන්ට අනුකූල වේ.

සම්පූර්ණ ලිපිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ යාපනය ප්‍රාදේශීය උප කාර්යාලය කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය සමඟ ඒකාබද්ධ කිරීම

යාපනයේ ස්ථාපනය කර තිබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය උප කාර්යාලය 2017 ජූනි 15 දින සිට කිලිනොච්චියේ අරිවියල් නගර්හි කිලිනොච්චිය ප්‍රාදේශී්‍ය කාර්යාලය සමඟ ඒකාබද්ධ කළ බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ. ඒ අනුව, මින් ඉදිරියට කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය මඟින් වර්තමානයේ ඉටු කරනු ලබන සේවාවලට අමතර ව යාපනය ප්‍රාදේශීය කාර්යාලය මඟින් මෙතෙක් ඉටු කරනු ලැබූ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ සේවා, මහ බැංකු ප්‍රකාශන අලෙවිය හා යාපනය ප්‍රදේශය තුළ සිදු කරනු ලැබූ කුසලතා/කළමනාකරණ සංවර්ධන වැඩසටහන් හා අනෙකුත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ණය ලබා දීමේ යාන්ත්‍රණය ප්‍රවර්ධනය කිරීම වැනි විවිධ සේවා ද කිලිනොච්චි ප්‍රාදේශී්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ඇත. 

Pages