Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 ජූලි මස 23 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේය.

2024 ජූනි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජුනි මාසයේ දී දර්ශකාංක 56.6ක් වාර්තා  කළේය. සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක ජුනි මාසය තුළ දී  කඩඉම් මට්ටමට වඩා  ඉහළ අගයක පැවතුණි.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 ජුනි මාසයේ දී ඉහළ යෑමක් පෙන්නුම් කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මෙම ඉහළ යෑම සමග වුවද, උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතුණි.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2024 මැයි

2024 වසරේ මැයි මාසයේ දී වෙළඳ හිඟය අඩු වීම, සේවා අංශය වෙත වූ ලැබීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාම මගින් විදේශ අංශයට සහාය විය.

වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය, වාර්ෂික ලක්ෂමය පදනම මත, 2024 වසරේ මැයි මාසයේ දී අඩු වූ 2024 ජනවාරි-මැයි කලපරිච්චයේ දී ඉහළ ගියේය. 

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 මැයි

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 මැයි මාසයේ දර්ශකාංක 54.5ක් වාර්තා කරමින් ඉදිකිරීම් ක්‍රියකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන ලදී. අප්‍රේල් මාසයේ දීර්ඝ නිවාඩුවලින් අනතුරුව බොහෝ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත්වන ආකාරයක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන්, ඉදිකිරීම් කටයුතුවල අපේක්ෂිත මට්ටමේ වර්ධනයක් ලඟාකර ගැනීමට නොහැකි වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ ඇතැමෙක් ප්‍රකාශ කළහ.

2024 අංක 24 දරන බැංකු (සංශෝධන) පනත ක්‍රියාත්මක කිරීම

2024 අංක 24 දරන බැංකු (සංශෝධන) පනතේ විධිවිධාන 2024.06.15 දින සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී. ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම උදෙසා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (බලපත්‍රලාභී බැංකු) සඳහා අදාළ වන නීතිමය සහ නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංශෝධන සකස් කරන ලදී.

බැංකු ව්‍යාපාරයෙහි නියුතු පුද්ගලයන්ට බලපත්‍ර ලබාදීමේ ක්‍රියාපටිපාටියක් හඳුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීමත්, බැංකු ව්‍යාපාරයට අදාළ කරුණු නියාමනය කිරීම සහ පාලනය කිරීමත් සලසනු ලබන බැංකු පනත අවසන් වරට සංශෝධනය කරනු ලැබුවේ 2006 වසරේ දීය. එබැවින්, වත්මන් නියාමන රාමුවෙහි වර්ධනයන්, ආර්ථික සහ වෙළඳපල වර්ධනයන්, විචක්ෂණ අවශ්‍යතාවන් පිළිබඳ යහභාවිතයන් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්, දේශීය බැංකු අංශය සඳහා උචිත පරිදි සැලකිල්ලට ගනිමින් මෙම මෑත කාලීන සංශෝධන සකස් කරන ලදී. ඊට අමතරව, බැංකු පනතට සංශෝධන කෙටුම්පත් කිරීමේදී, අදාළ පාර්ශවකරුවන්ගේ, එනම් බැංකු අංශය, බැංකුවල විගණන සිදුකරනු ලබන විගණන ආයතන, අනෙකුත් නියාමන ආයතන සහ බලධාරීන්ගේ නිරීක්ෂණ සහ අදහස් ද සුදුසු පරිදි සලකා බලන ලදී.

Pages