Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මුදල් ප්‍රතිපත්ති විවරණය: 2019 - අංක 07

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 නොවැම්බර් 28 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව තබා ගනිමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගෙන යෑමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇත.

ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග පිළිබඳ ව 2019 නොවැම්බර් 26 දින පුවත්පත් සහ පුවත් වෙබ් අඩවි කීපයක් තුළ පළ වූ ඇතැම් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇති අතර ඒ සම්බන්ධ ව පහත පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමු.

2019 ඔක්තෝබර් 23 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීම සඳහා වන දැන්වීමක් නිකුත් කරන ලදී.

2019 ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගිය අතර ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 4.9 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගියේ ය. කෙසේ වුව ද, 2019 මැයි මාසයේ සිට පහළ යන උපනතියක් පෙන්නුම් කළ ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.3ක අගයක් වාර්තා කළේ ය. 

අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න - ඔබගේ බැංකු මුරපද සහ පුද්ගලික හැඳුනුම් අංක (PIN) වෙනත් පාර්ශවයන් සමග හුවමාරු නොකරන්න

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇත. මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී නිරීක්ෂණය විය.

මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ බැංකු ගිණුම් අංක සහ ඔවුනගේ බැංකු පුද්ගලික හැඳුනුම් අංක (PIN) වැනි රහස්‍ය තොරතුරු තමන්ට ලබාගැනීම සඳහා මහජනයා පොළඹවයි. එමගින් වංචාකරුවන් පාරිභෝගික ගිණුම් වෙත පිවිස ඒවායේ ඇති මුදල් සොරකම් කිරීමට එවැනි තොරතුරු භාවිතා කරනු ලබයි.

ගිණුම්හිමියන්ගේ රහස්‍ය තොරතුරු වශයෙන් ගිණුමෙහි සහ ගිණුම් හිමියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට භාවිතා කළ හැකි තොරතුරු ලෙස හැඳින්විය හැකිය.

ෆිච් (Fitch) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශයේ අන්තර්ගතයට මහ බැංකුව දැඩි විරෝධය පළ කරයි

2019 නොවැම්බර් මස 21 වන දින ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය “ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලය මගින් ප්‍රතිපත්ති අවිනිශ්චිතතා වැඩි කරයි” (Sri Lanka Election Result Increases Policy Uncertainty”) යන තේමාව යටතේ නිකුත් කරනු ලැබූ ප්‍රකාශයට ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව විරෝධය පළ කරනු ලබයි. එමගින්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ අතිගරු ජනාධිපතිතුමා විසින් රාජකාරි භාර ගැනීම හා දැනට සිදු කෙරෙමින් පවත්නා ප්‍රධාන පත්වීම් පිළිබඳව වෙළඳපොළෙන් පෙන්නුම් කරන ලද ධනාත්මක ප්‍රතිචාරයට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් නිරූපණය කෙරෙයි. 

2019 සැප්තැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

ආනයන වියදම අඩු වීම ඉක්මවා අපනයන ආදායම අඩු වීමත් සමඟ 2019 සැප්තැම්බර් මාසයේදී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂව පුළුල් විය. එසේ නමුත්, සමුච්චිත වශයෙන් සැලකීමේදී, ඉහළ ගිය අපනයන ආදායම සහ සැලකිය යුතු ලෙස පහළ ගිය ආනයන වියදම හේතුවෙන් 2019 වසරේ පළමු මාස නවය තුළ වෙළඳ හිඟය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු පහළ මට්ටමක පැවතුණි. මේ අතර, සංචාරක පැමිණීම්වල පහත වැටීමේ වේගය 2019 සැප්තැම්බර් මසදී තවදුරටත් අඩු විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සමුච්චිත පදනම මත අඩු වුවද, 2019 සැප්තැම්බර් මාසයේදී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වැඩි විය. 2019 සැප්තැම්බර් මස මූල්‍ය ගිණුම තුළ කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීම් වාර්තා විය. 2019 සැප්තැම්බර් මස රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයකට ලක් වුවද 2019 ලංකා රුපියලවසරේ පළමු මාස නවය තුළ දී ශ්‍රී, ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

Pages