"ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණය" පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළ ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරත ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණය" පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන 2019 මැයි මස 24 වන දින වලස්මුල්ල කොහොලාන ප්‍රජා ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයන් 47 ක් සහභාගී වූහ.