‘විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් සහ එම ප්‍රදේශයේ ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද ‘විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 15 වැනි දින වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 149ක පිරිසක් සහභාගී වූහ.