රට තුළට විදේශ විනිමය ගලා ඒම වැඩිදියුණු කිරීම සඳහා වර්තමානයේ ගනු ලබන ප්‍රතිපත්තිමය පියවරයන්හි කොටසක් වශයෙන් ගරු මුදල් අමාත්‍යවරයා විසින් පහත කරුණු අඩංගු අංක 19600/66 දරන 2016 අප්‍රේල් 1 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
- ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා ගෙවීම් කිරීම සම්බන්ධයෙන් 1993 මාර්තු 26 දිනැති අංක 759/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් ලබා දී තිබූ නිදහස් කිරීම අවලංගු කිරීම
- 2016 අප්‍රේල් 1 දින වන විට ශ්‍රී ලංකාවෙන් පිටත රඳවා ගෙන ඇති එ වැනි ඕනෑ ම ගෙවීමක් 2016 මැයි 1 දිනට පෙර ශ්‍රී ලංකාවට රැගෙන ඒම අනිවාර්ය කිරීම
- 2016 අප්‍රේල් 1 දින හෝ ඉන් පසු ව ලැබෙන එ වැනි ඕනෑ ම ගෙවීමක් භාණ්ඩ අපනයනය කිරීමේ දින සිට දින 90ක් ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙන ඒම අනිවාර්ය කිරීම
මෙම ඉපැයීම් බලය ලත් වාණිජ බැංකුවක, දේශීය බැංකු ඒකකයක අපනයනකරුගේ නමින් පවත්වා ගෙන යන ඕනෑ ම විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට බැර කිරීමට හෝ බලය ලත් වාණිජ බැංකුවකට විකිණීම කළ හැක.
Published Date:
Friday, April 22, 2016