"තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් බලංගොඩ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව සඳහා සංවිධානය කරන ලද "තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2018 ජූලි මස 05 වැනි දින බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථ කව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 118ක ප්‍රජාවක් සහභාගී විය.