"නවීන තාක්ෂණික වැඩසටහන" - අකුරුගොඩ, කඹුරුපිටිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින ගඩොල් කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "නවීන තාක්ෂණික වැඩසටහන" 2018 ජූනි මස 18 වන දින කඹුරුපිටිය අකුරුගොඩ ප්‍රජා ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයන් 51 ක් සහභාගී වූහ.